Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th August 2018 22:00:26 Hours

භට පිරිස් ගෝන පැටියෙකුගේ ජීවිතය බේරාගනී

මුතියන්කඩ්ඩු ප්‍රදේශයේ තේරුවිල් වන රක්‍ෂිතයේ සෙනසුරාදා (11) දින අතරමංව සුනඛයින්ගේ ග්‍රාහණයට නතුවී සුළු තුවාල ලබා සිටි ගෝන පැටියෙකුගේ ජිවිතය බේරාගෙන අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට 643 වන බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් කටයුතු කරන ලදි.

පවතින නියඟය සහ පානීය ජලය හිඟවීම නිසා, මෙම වන රක්ෂිතයේ බොහෝ සතුන් මේ දිනවල දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අතර ජලය සොයමින් විවිධ ප්‍රදේශ කරා ගමන් කරනු ලබයි.

මෙම ගෝන පැටියාගේ ශරීරයේ සුනඛයින් විසින් තුවාල සිදුකර තිබු අතර ලේ ගැලීම් ද දක්නට ලැබුණි.

සෙනසුරාදා (11) දින මුර සංචාරයක යෙදී සිටි යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නෙත ගැටුණු මෙම ගෝන පැටියාගේ ජිවිතය බේරාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

643 වන බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ සම්බන්ධිකරණයෙන් කලාප වනජිවි නිලධාරිගේ සහයෝගය ඇතිව මෙම ගෝන පැටියාට ප්‍රතිකාරි කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වනජීවි නිලධාරීන් වෙත භාරදෙන ලදි. jordan Sneakers | Women's Designer Sneakers - Luxury Shopping