Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th July 2018 13:59:48 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙරළ සංරක්‍ෂණ වැඩසටහනේ තවත් එක් අධියරක් ලෙස පොල් පැළ 200 ක් රෝපණය කෙරේ

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙන්ම වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමඟ සමීප සම්බන්ධතාවයෙන් යුතුව මයිලඩි වෙරළ තීරය සංරක්‍ෂණය කිරීමේ තවත් එක් අධියරක් ලෙස පොල් පැළ 200 ක් රෝපණය කිරීමේ වැඩසටහනක් බදාදා (18) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබු වෙරළ සංරක්‍ෂණ වැඩසටහනට අනුව වෙරළ තිරය ආවරණය වන පරිදි මේ වනවිට පැළ 2000 ක් පමණ රෝපණය කර ඇත. මීට අමතරව, යාපනය අර්ධද්වීපයේ සිවිල් වැසියන් සිය ගණනකට ආර්ථික වටිනාකමින් යුත් පැළ තොගයක් ද බෙදාදෙනු ලැබීය. තවද, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව පසුගිය වසර තුල යුද්ධ හමුදාවට එක්වු ආධුණික සෙබළුන් මෙන්ම සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට පැළ 20,000 කට අධික ප්‍රමාණයක් බෙදාදෙන ලදී. එමෙන්ම, පැළ බෙදාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක සහ බලසේනාංක වෙත උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් මයිලඩි ප්‍රදේශයේ දී 515 වන බලසේනාවේ නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් විසින් මෙම පැළ රෝපණ වැඩසටහන දියත් කරන ලදී. එමෙන්ම වෙරළ සංරක්‍ෂණ වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන් රාජ්‍ය ආයතනයන්හි නිලධාරින් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගි විය.

මෙම උත්සවය සඳහා යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එස්. මුරලිදරන් මහතා, තෙලිප්පලේ ප්‍රාදේශීය ලේඛම් එස්. ශ්‍රීව ශ්‍රී මහතා සහ වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් මෙන්ම යුද්ධ හමුදා නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් ද සහභාගි වූහ. buy shoes | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov