Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th July 2018 13:50:39 Hours

හසලක ගාමිණී විරුවාගේ මතකයන් සිහිපත් කෙරේ

අලිමංකඩ හමුදා කඳවුරේදී ත්‍ර‍ස්තවාදීන්ගෙන් තම මිතුරු හමුදා සෙබළුන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා සිය ජීවිතය පූජා කළ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් හසලක ගාමිණී කුලරත්න අභීත රණවිරුවාගේ 27 වන අනුස්මරණ උත්සවයට සමගාමීව අනුස්මරණ උත්සවයක් සඳුදා (16) දින හසලක ප්‍රදේශයේ පිහිටා ඇති අභීත රණවිරුවාගේ පිළිරුව අභියස දී පවත්වන ලදි.

එමෙන්ම, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ සහභාගිත්වයෙන් ජූලි 14 දින අලිමංකඩ හසලක ගාමිණී ස්මාරකය අභියස දී ප්‍රධාන සැමරුම් උත්සවය පවත්වනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිගේ ආශිර්වාදය ඇතිව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟපෙන්වීම යටතේ පැවැති මෙම සැමරුම් උත්සවය ආගමික වතාවත්වන්ට මුල්තැනක් දෙමින් රට වෙනුවෙන් දිවිපිදු හසලක ගාමිණි විරුවාගේ පිළිරුවට පුෂ්පෝපහාර පුදකරමින් පවත්වනු ලැබීය.

මෙම අනුස්මරණ උත්සවය මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ භට පිරිස් විසින් සංවිධානය කළ අතර, ඒ සඳහා කර්නල් පාලන හා භට කාර්ය සම්පාදන නිලධාරි කර්නල් ජේ. රණහේවා, යුද්ධ හමුදා නිලධාරීන්, සෙසු නිලයින් හසලක ගාමිණි රණවිරුවාගේ මැණියන්, ඥාතීන් සහ සිවිල් වැසියන් ද එක්ව සිටියහ. Adidas footwear | Air Jordan