Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th July 2018 07:44:30 Hours

ආරක්‍ෂක සේවා පිහිනුම් තරඟාවලියේ පිරිමි සහ කාන්තා සමස්ථ ශුරතාවය යුද්ධ හමුදාවට

2018 - ආරක්‍ෂක සේවා පිහිනුම් තරඟාවලියේ අවසන් තරඟ සිකුරාදා (06) දින පැවැති අතර, එහිදි පැවැති පිහිනුම් තරඟ ඉසව් 35 න් රන් පදක්කම් 30 ක් හිමිකරගැනීමට යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්විය.

රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා පිහිනුම් තටාකයේ ජූලි මස 5 සහ 6 දිනයන්හි පැවැති ආරක්‍ෂක සේවා පිහිනුම් තරඟාවලියේ දී, යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් රන් පදක්කම් 18 ක්, රිදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් 12 ක් හිමිකරගැනීමට සමත් විය. එමෙන්ම, යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් හිමිකරගැනීමට සමත් විය. යුද්ධ හමුදා ඉතිහාසයේ ආරක්‍ෂක සේවා පිහිනුම් තරඟාවලියකදී ලද ප්‍රථම ජයග්‍රාහණය ද මෙය වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බලසේනාධිපති මෙන්ම යුද්ධ හමුදා පිහිනුම් සහ ජල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ගේ මඟපෙන්වීම මත ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තරඟ සඳහා සහභාගිවීමට පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙනු ලබයි.

best Running shoes | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp