Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th July 2018 19:56:21 Hours

ගජබා රෙජිමේන්තුවේ ජල චිකිත්සක නව පිහිනුම් තටාකයක් ඉදිකිරීම් කටයුතු ඇරඹේ

අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තුවට අයත් ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී තුවල ලබා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා පසුගියදා සේනපුර කඳවුරු පරිශ්‍රයේ දී ජල චිකිත්සක නව පිහිනුම් තටාකයක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.

යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරාල් මෙන්ම ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජිවා නෙල්සන් මැතිණියගේ ආරාධනාවකට අනුව ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ සංගමයේ (Chamber of Young Lankan Entrepreneurs) ගරු සභාපතිණි ෂෙහානි පියසේන මැතිණියගේ ධන පරිත්‍යාගයෙන් යුතුව ජල චිකිත්සක පිහිනුම් තටාකය ඉදිකිරීමට නියමිතය.

නව පිහිනුම් තටාකය වෙනුවෙන් මුල්ගල තැබීමේ උත්සවය 2018 ජූනි මස 23 වන දින පෙ:ව 11.37 ට එළබි සුභ මොහොතින් සේනපුර ගජබා රෙජිමෙන්තු කඳවුරු පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය. එම අවස්ථාව සඳහා පරිත්‍යාගශීලි ෂෙහානි පියසේන මැතිණිය, ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජිවා නෙල්සන් මැතිණිය සහ ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙන්ම ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ සංගමයේ සාමාජිකයින්, ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සාමාජිකයින්, ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

latest Running | New Balance 991 Footwear