Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th June 2018 15:58:37 Hours

යාපනය භට පිරිස් පේදුරුතුඩුව ප්‍රදේශයේ අක්ෂි ආබාධ සහිත සිවිල් වැසියන් වෙත නොමිලේ ඇස් කණ්ණාඩි 1500 ක් බෙදාදෙයි

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංක භට පිරිස්, ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය සමඟ සහයෝගයෙන් පේදුරුතුඩුව ප්‍රදේශයේ අක්ෂි ආබාධ සහිත සිවිල් වැසියන් 1500 ක් වෙත බදාදා (27) දින කුන්ජල්කාඩේයි කොලින්ස් ක්‍රීඩා සමාජ(Kunjalkadei Collins Sports Club) පරිශ්‍රයේ දී නොමිලේ ඇස්කණ්ණාඩි බෙදාදෙන ලදි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න ගේ අධික්ෂණය යටතේ මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.

පොසොන් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ අක්ෂි පරික්ෂා කර අක්ෂි ආබාධ සහිතවුවන් 1500 ක් වෙත මෙහිදි ඇස්කණ්ණාඩි බෙදාදෙනු ලැබීය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් අලවියි පිල්ලේ ශ්‍රී මහතා සහ විශ්වකීර්ති ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමයේ සාමාජිකයින්, ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමයේ සභාපති බණ්ඩාර මොරගස්වැව මහතා, ඩි.සී. ත්‍රිෂාන්, වෛද්‍ය අජන්ත අබේවර්ධන සහ වෛද්‍ය රුවන් ආසිරි ද , යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙබලුන් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Sports News | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD