Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th June 2018 12:35:04 Hours

කිලිනොච්චි භට පිරිස් ප්‍රදේශයේ සිසුන් සමඟ එක්ව ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරයි

මධ්‍යම පරිසර අධිකාරියේ සහයෝගය ඇතිව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් කිලිනොච්චි ප්‍රදේශයේ ගුරුවරුන් සහ සිසුන් 250 කට අධික පිරිසකට පරිසර සංරක්‍ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (05) දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වූහ.

මෙම දේශනයේ දී මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර හිතකාමී ස්වේච්ඡා සේවකයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පරිසර සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳ මෙන්ම පරිසර දූෂණය වැළැක්විය හැකි ආකාරය පිළිබඳව ද දැනුවත් කළහ. මෙම සැසිය අවසානයේ දී සියලුම සිසුන් සහ අනෙකුත් සහභාගිවූවන් කිලිනොච්චි හංදිය දක්වා බැනර් සහ වැකී ප්‍රදර්ශනය කරමින් පාරසරික පාගමනක් සඳහා හා ද සම්බන්ධ විය.

මේ අතර, ලෝක පරිසර දිනයට සමගාමීව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 653 වන බලසේනාවේ සේවයේ නියුතු 300 කට අධික යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් කිලිනොච්චි නගරයේ මාර්ගයන් දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරනු ලැබීය.

ඒ අනුව, 653 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් සෙනසුරාදා (02) දින කිලිනොච්චි, මාරන් පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස් ගේ උපදෙස් මත 653 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රොබින් ජයසුරිය ගේ මඟපෙන්වීම මත පැවැති මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා නිලධාරින් 30 ක් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි විය.

jordan Sneakers | M2k Tekno