Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2018 15:37:17 Hours

බංගලාදේශයේ අන්තර් ක්‍රියාකාරි හමුව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් මහත් හරසරින් පිළිගනියි

බංගලාදේශයේ සංචාරයේ නියුතු පස්දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඔවුන්ගේ යුද්ධ හමුදා දිවියේ ප්‍රථම වරට බංගලාදේශ යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ සම්පත් කළමණාකරනය සහ අත්දැකිම් පිළිබඳ දැනුම හුවමාරු කරගත් අතර ඔවුන් සාර්ථක හුරුකරවීමේ සංචාරයකින් අනතුරුව දිවයිනට පැමිණියහ.

මෙම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් පිරිස බංගලාදේශ සංචාරයේ දී බොග්‍රා යුද්ධ හමුදා ජනපදයේ (Bogra Cantonment) පිහිටි 57 නැගෙනහිර බෙංගල් රෙජිමේන්තු මූලස්ථානයේ දී පුහුණුව ලැබූ අතර, බංගලාදේශ විධායක ජෙනරාල් හමුවිමට ප්‍රථම කොමිෂන් නොලත් නිලධාරි විද්‍යාපීඨයේ ද සංචාරය කරන ලදි.

මෙම පස්දින සුහඳ හමුව අවසානයේ බංගලාදේශ කොමිෂන් නොලත් නිලධාරී විද්‍යාපිඨයේ දී සංචාරක ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් වෙත රාත්‍රි භෝජන සංග්‍රහයක් පිළිගැන්වූ අතර, එම විද්‍යාපිඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජෙනරාල් අබ්දුල් රසාක් (Brigadier General Abdul Razzaq) ගේ පැමිණිමෙන් මෙම අවස්ථාවට අභිමානයක් ද එක්විය.

එම සංචාරයේ අවසන් දිනයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් කොමිෂන් නොලත් නිලධාරී විද්‍යාපිඨයේ සේනාවිධායක සමඟ සුහඳ හමුව සඳහා සහභාගිවීමට ප්‍රථම විද්‍යාපිඨය පිළිබඳ ඉදිරිපත් කිරීමකට සහභාගි වූ අතර, එහි සියලු ස්ථාන නැරඹීමට ද අවස්ථාව හිමිවිය.

තවද එහිදි ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස, පසුබැසීමේ හා සතුරා මුණගැසිමේ යුද උපක්‍රම සහ කළමණාකරණ ක්‍රියාපිළිවෙත් පිළිබඳ දැකබලාගැනීමට ද රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ට මෙහිදි අවස්ථාව උදාවිය.

මෙහිදි පැවති බංගලාදේශ යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් එස්.එම් මතියුර් රහමන් (Major General S.M Matiur Rahman) ගේ සුහඳ හමුවේ දී එතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දියත්කරන ලද දැනුම හුවමාරුකරගැනිමේ නව සංකල්පය පිළිබඳ මහත් ඇගයීමට ලක් කළහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් බංගලාදේශයෙන් නික්මයාමට ප්‍රථම බංගලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අතිගරු විශ්‍රාමික ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිමට අමතක නොකළ අතර මීට දින කිහිපයකට පෙර ඔවුන් දිවයිනට පැමිණියහ.

Sports Shoes | UK Trainer News & Releases