Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th May 2018 15:18:39 Hours

නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ 11 වන වාර්ෂික අධ්‍යයන සැසිය සඳහා සියල්ල සුදානම්

බුත්තල, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය විසින් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා සංවිධානය කරනු ලබන වාර්ෂික අධ්‍යයන සම්මන්ත්‍රණය ‘Dynamics of Conflicts; Analysis within Regional and Global Context’  යන තේමාව යටතේ සිවිල් සහ යුද්ධ හමුදා විද්වතුන්ගේ සහභාගීත්වයෙන් මැයි මස 31 වන දින සහ ජුනි මස 01 වන දිනයන් හිදි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

දින 02 ක් පුරාවට සැසිවාර 6 කින් සමන්විත මෙම සම්මන්ත්‍රණය සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 60 දෙනෙකුට වඩා වැඩි පිරිසක් සහභාගීවන අතර මැයි මස 31 වන දින සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනාවකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න සහභාගීවිමට නියමිතව ඇත.

මෙහි පහත සදහන් සම්බන්ධකය මගින් සජිවී විකාශණය නැරඹිය හැක. (මෙය නැරඹීය හැක්කේ යුද්ධ හමුදා තොරුතුරු ජාලය ඔස්සේ පමණි)

https://armynet.army.lk/live

affiliate tracking url | Nike Shoes