Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st May 2018 14:32:31 Hours

හදිසි ගංවතුර තත්තවයකට මුහුණදීමට දිවයින පුරා යුද්ධ හමුදා භට පිරිස් සුදානමින්

පසුගිය පැය 48 ක කාලය තුල දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය සමඟ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් විපතට පත්විය හැකි සිවිල් ජනතාව ආපදා තත්ත්වයන්ගෙන් මුදවා ගැනීම සඳහා මෙහෙයුම් වල නියලීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත දිවයින පුරා යුද්ධ හමුදා භටපිරිස් සියගණනක් සුදානමින් සිටී.

කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, කළුතර, මොරවක, කඹුරුපිටිය, නෙළුව, තවලම, පිටිගල, පාලින්දනුවර සහ බුලත්සිංහල යන ප්‍රදේශයන්හි ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් සඳුදා (21) දින උදෑසන වනවිට එම ප්‍රදේශයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවට ලැබී ඇති වාර්තා අනුව හදිසි ආපදා අවස්ථාවන්ට මුහුණදිම සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් මේ වනවිට එම අවදානම් සහිත ප්‍රදේශයන් සඳහා යොදවා ඇත.

තවද, හදිසි ආපදා තත්ත්වයක දී භාවිතා කිරීමට ජලයේ වුවද ධාවන කල හැකි WMZ සන්නද්ධ රථ 3 ක් සහ බෝට්ටු කිහිපයක් ආපදාවන්ට ලක්වන ජනතාවන්ට සහන සැලසීම සඳහා සුදානම් කර ඇත.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවතින අයහපත් කාලගුණික තත්තවය හේතුවෙන් විපතට පත්විය හැකි සිවිල් ජනතාව ආපදා තත්ත්වයන්ගෙන් මුදවා ගැනීම සඳහා ගලවාගැනීමේ මෙහෙයුම් පිළිබඳව අධීක්ෂණය කරමින් හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ආපදා කළමනාකරණ දෙපාරතමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්දතාවයෙන් යුතුව කටයුතු කිරීමට සුදානමින් සිටින ලෙස දිවයින පුරා සියලුම යුද්ධ හමුදා කඳවුරු වෙත උපදෙස් ලබාදී ඇත.

යුද්ධ හමුදාධිපතිතුමා විසින් යුද්ධ හමුදා මූලස්ථාන අධ්‍යක්ෂක ක්‍රියාන්විත සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින සහ අනෙකුත් රජයේ ආයතන බළධාරින් සමඟ සෘජු සම්බන්ධතාවයෙන් කාලගුණික තත්ත්වයේ වෙනස්වීම් පිළිබඳව විමසිලිමත්වෙමින් අදාල පියවර ගන්නා ලෙසත් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

latest jordan Sneakers | Air Jordan Release Dates 2020