20th April 2018 18:03:51 Hours
දකුණු ආසියානු කලාපයේ සංචාරයක නිරත ඊශ්‍රාලයේ ආරක්ෂක අංශ විශේෂඥයින් කණ්ඩායමක් බදාදා (25) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන හමුවිය.
එම විශේෂඥ කණ්ඩායම සමඟින් පවත්වන ලද එම සාකච්ඡාවේදී ආරක්ෂාව සඳහා වැදගත් වන කරුණු රාශියක් හා පැතිර පවතින ගෝලීය ආරක්ෂක තර්ජනයන් හා ගැටළු පිළිබඳවත් පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, යුද්ධ හමුදාධිපති නියෝජනය කරමින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි, අධ්යක්ෂ තොරතුරු තාක්ෂණ බ්‍රිගේඩියර් ප්‍රසාද් අකුරන්තිලක සහ 12 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි කර්නල් සුරේෂ් පක්ෂවීර යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වුහ.
යුද්ධ හමුදා නිලධාරින් සමඟ මෙම ආරක්ෂක අංශ විශේෂඥ කණ්ඩායම කොටස් 2 කට බෙදි වෙන් වෙන් වශයෙන් සාකච්ඡා සිදුකරන ලදී. එහි දෙවන වටයේ සාකච්ඡාව සඳහා අධ්යක්ෂ සැලසුම් බ්‍රිගේඩියර් ඩි.ටි. ගමගේ ද එක්ව සිටියහ.
Running sport media | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth