Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th April 2018 18:10:26 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ ලාන්ස් කෝප්‍රල් සිය ජිවිතයේ අවධානම නොතකා තවත් ජිවිත හතරක් බේරාගනී

කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට ප්‍රදේශයට නුඳුරින් ‘අලුත් පාර’ හන්දියේ දී සඳුදා (16) දින බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අනතුරුව ත්‍රිරෝද රථය බස් රථයේ සිරවීය. එහිදි ත්‍රිරෝද රථයේ ගමන්ගත් මගීන් හතර දෙනෙකුගේ ජිවිත බේරාගැනීමට සිය ජිවිතයේ අවධානම නොතකා කතරගම, කාවන්තිස්සපුර ප්‍රදේශයේ ස්ථානගත 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ නිර්භිත සෙබළෙකු සමත් විය.

ත්‍රිරෝද රථයකින් කුඩා දරුවෙකු ඇතුළු එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු කතරගම සිට ආපසු පැමිණෙමින් සිටිය දී කතරගම දෙසට ධාවනය වූ මගී බස් රථයේ ගැටීමෙන් පසුව ත්‍රිරෝද රථය බස් රථයට සිරවී ගිනි ඇවිලෙමින් තිබු අතර සිරවී සිටි මගීන් කෑ ගසමින් උපකාර ඉල්ලා සිටියහ.

කතරගම බස් රථයේ ගමන්ගත් 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ ලාන්ස් කෝප්‍රල් එම්.ජි. චන්දන සිය ජිවිතයේ අවධානම නොතකා ගිනි ඇවිලෙමින් තිබු ත්‍රිරෝද රථයේ සිටි කුඩා දරුවාගේ ජිවිතය පළමුව බේරාගැනීමට සමත් විය. ඉන් අනතුරුව, අනතුරට ලක්වූවන් බේරාගැනීම සඳහා ඔහු අනෙකුත් මගින්ගේද සහයෝගය ඉල්ලා සිටියහ. එහිදි ඔහුගේ කමිසය පවා ගින්නට හසුවී තිබු අතර අනෙකුත් මගින්ගේද සහයෝගය ඇතිව ජලය ගෙනවිත් ගින්න මැඩපැවැත්වීමට සමත් විය. අනතුරුව සියලුදෙනා එක්ව බස්රථය තල්ලුකර බරපතල තුවාල ලබා බස්රථය යට සිරවී සිටි සිව්දෙනාගේ ජිවිත බේරාගැනීමට සමත්විය.

සිය බුද්ධිමත් මනස භාවිතා කරමින් ලාන්ස් කෝප්‍රල් චන්දන, මෙම හදිසි අනතුර හා සිදුවී ඇති ඛේදවාචකය පිළිබඳ වහාම තම අණදෙන නිලධාරිතුමන්ට දැනුම්දුන් අතර එයට ප්‍රතිචාර වශයෙන් කඩිනමින් අනතුර සිදුවූ ස්ථානයට සහන කණ්ඩායමක් යැවීමට අණදෙන නිලධාරිතුමන් කටයුතු කළහ.

කෙසේ වෙතත් ලාන්ස් කෝප්‍රල් චන්දන, සිය සෙසු හමුදා සාමාජිකයින්ගේ සහාය ඇතිව තුවාලකරුවන් හම්බන්තොට රෝහලට යැවීමට කටයුතු කළහ. අනතුරට ලක්වූවන්ගේ ජිවිතවලට කිසිදු හානියක් නොමැති බව වර්ථාවන අතර අම්බලන්තොට පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ පවත්වනු ලබයි.

මේ අතර, ගිනිගනීමින් තිබු ත්‍රිරෝද රථයේ සිරවී සිටි මගීන් බේරාගැනීම සඳහා සිය ජිවිතය පරදුවට තබා කටයුතු කල ලාන්ස් කෝප්‍රල් චන්දන වෙත උපහාර දැක්වීමට ශ්‍රී ලංකා ජාතික අරක්‍ෂක බළමුළුව සහ අම්බලන්තොට පොලිස් ස්ථානය සැලසුම් කර ඇත.

bridge media | Nike for Men