Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2018 21:37:58 Hours

‘බුද්ධ ධර්මය ප්‍රායෝගිකව අප ජීවිතයට ලඟා කරගන්නේ කෙසේද?’ යන්න පිළිබඳව යාපනය භඨ පිරිස් දැනුවත් කෙරේ

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ ආරාධනයෙන් නාලක හේවාමද්දුම මහතා විසින් පවත්වන ලද ‘බුද්ධ ධර්මය ප්‍රායෝගිකව අප ජිවිතයට ලඟා කරගන්නේ කෙසේද?’ යන්න පිළිබඳ දේශණයක් මාර්තු මස 5 දින සිට 7 දින දක්වා යාපනය ඉංජිනේරු ආයතනයේ දී පැවැති අතර යාපනය කළමනාකරුවන්ගේ සංසදයේ සාමාජිකයන් මෙන්ම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසු නිලයින් වෙනුවෙන් පවත්වන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ පැවති ‍බොහෝ දේශණ තුලින් ‘රැකියා ස්ථානයේ යහපැවැත්ම’ සහ ‘බුද්ධ ධර්මය ප්‍රායෝගිකව අප ජිවිතයට ලඟා කරගන්නේ කෙසේද?’ යන්න කරුණු පිළිබඳව අවධානය යොමු කල අතර නිලධාරින් සහ සෙසු නිලයින් විශාල පිරිසක් මෙම දේශණ සවන්දීමට පැමිණ සිටියහ.

Running sport media | Air Jordan Release Dates 2020