Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th February 2018 18:34:40 Hours

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට නව කාර්යාලීය ගොඩනැගිල්ලක්

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයෙහි නවතමයෙන් ඉදිකරන ලද දෙමහල් කාර්යාලීය ගොඩනැගිල්ල ඉරිදා (25) දින පැවති උත්සවයකදී විවෘත කරන ලදි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ ආරාධනයෙන් මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ යුද්ධ හමුදාධිපති තුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, එතුමන් ආගමික වතාවත් සහ ‘සෙත් පිරිත්’ මධ්‍යයේ ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය.

දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති, නවතමයෙන් මුලස්ථාන පරිශ්‍රයේ ඉදිකරන ලද සෙසුනිළ භෝජනාරයද මෙම අවස්ථාවේදී වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති තුමන් විසින් විවෘත කළහ.

2 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට අයත් සෙබළුන් විසින් නිමකරන ලද මෙම නවීන කාර්යාල සංකීර්ණය පහසුකම් රැසකින් සමන්විත වු අතර එම ගොඩනැගිල්ලෙහි සම්මන්ත්‍රණ ශාලාවක්, මාණ්ඩලික නිලධාරින් සඳහා කාර්යාල කාමර සහ පරිගණක විද්‍යාගාරයක් ආදි අංගයන්ගෙන් යුක්ත විය.

නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව, එම ගොඩනැගිල්ල නිර්මාණය කිරීමෙහිලා දායකත්ව දැක්වූ සියළු නිලයින් සමඟ උත්සවය අතරතුරදී යුද්ධ හමුදාධිපති තුමා සුහද පිලිසදරක යෙදී ඔවුන්ගේ අවශ්‍යතාවයන් සහ තොරතුරු විමසුහ.

යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සිදුකල සංචාරය සනිටුහන් කරමින් එහි රැස්ව සිටි පිරිස් සමඟ සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටියහ.

අනතුරුව යුද්ධ හමුදාධිපති තුමන් විසින් නවතමයෙන් ඉදිකරන ලද සෙසුනිල භෝජනාගාරයේදි සෙබළුන් අමතා ඔවුන්ගේ විනය පවත්වාගැනීම සම්බන්ධවත් ඉන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවත් විශේෂයෙන් සාකච්ඡා කරන ලදි. නික්ම යාමට ප්‍රථම වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තබා යුද්ධ හමුදාධිපති තුමන් සියළු නිල තේ පැන් සංග්‍රහයකටද සහභාගි විය.

short url link | Nike