Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd February 2018 20:02:12 Hours

ඩෙංගු මර්ධනය සඳහා භඨ පිරිස් සියගණනකගේ සහාය

දිවයිනේ ඩෙංගු රෝගය වැඩිවශයෙන් ව්‍යාප්ත වු කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතලේ, මඩකලපුව සහ යාපනය යන දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි යුද්ධ හමුදා භඨ පිරිස් 680 කගේ සහභාගිත්වයෙන් බ්‍රහස්පතින්දා (22) දින ඩෙංගු මර්ධන වැඩසටහනක් දියත් කරන ලදී.

මාස කිහිපයකට පෙර රජයේ ඩෙංගු මර්ධන වැඩසටහනට සමඟාමිව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ඩෙංගු වසංගතයට එරෙහිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් එහි පළමු පියවර තබන ලදි. මෙම ඩෙංගු මර්ධන ජාතික වැඩසටහන සිකුරාදා (22) දින සිට ආරම්භ කරන ලද අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් පරිදි ඉහත සඳහන් දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ස්ථාපිත ආරක්‍ෂක සේනා මුලස්ථානයන් යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 680 කගේ සහයෝගය මේ සඳහා ලබාදුන්හ.

අතිගරු ජනාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව ජාතික මෙහෙවරක් සේ සළකා මෙම ඩෙංගු මර්ධන ජාතික වැඩසටහන දිවයිනේ ඩෙංගු වසංගතය වැඩිවශයෙන් ව්‍යාප්ත වු දිස්ත්‍රික්කයන් මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කිරිම සඳහා සියළුම සෞඛ්‍ය නිලධාරින්, රාජ්‍ය සේවකයින්, සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සමාජිකයන්ගේ සහයෝගය ලබා දුන් අතර එම ස්වේච්ඡා සමාජිකයින් විසින් දුම්රිය ස්ථාන, රෝහල්, බස් නැවතුම්පොලවල්, බස් ඩිපෝවන්, පාසල්, වෙළඳසැල්, ආගමික සිද්ධස්ථාන ඇතුළු ඩෙංගු මදුරුවන් බෝවිය හැකි පොදු ස්ථාන පිරිසිදු කිරිමේ කටයුතු සිදුකලහ.

විශේෂයෙන්ම හමුදා භඨ පිරිස් විසින් මදුරුවන් බෝවන ස්ථානයන් සෙවිම සහ එම ප්‍රදේශයන් පිරිසිදු කිරිමත්, මහජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් පැවැත්විම වැනි ඩෙංගු මර්ධනය කිරිමේ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරිම සඳහා සෞඛ්‍ය බලධාරින්, පාළාත් පාලන බලධාරින් සහ සිවිල් වැසියන් වෙත සහයෝගය ලබාදුන් අතර, මෙම ඩෙංගු මර්ධන දිනය හැරුණූ විට ඉදිරි සති කිහිපය තුල මෙන්ම දිනපතා දිවයිනේ ප්‍රධාන නගරවල පරිසරය පිරිසිදු කිරිම සහ මදුරුවන් බෝවන ස්ථානයන් විනාශ කිරිම සඳහා යුද්ධ හමුදාව විසින් තවත් බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

jordan release date | Nike Shoes