Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th February 2018 19:43:02 Hours

රග්බි පුහුණු වැඩමුළුවෙන් කිලිනොච්චි ප්‍රදේශයේ සිසුන්ට නව මංපෙත් විවර වෙයි

ක්‍රීඩාව වෙනුවෙන් දක්වනු ලබන ජාතික මෙහෙවරක් ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් රග්බි ක්‍රීඩකයින් සහ යුද්ධ හමුදා සමාජිකයින් වෙත රග්බී ක්‍රීඩාවේ ප්‍රවිණයන්ගේ සහාය ඇතිව දින 02 ක රග්බි පුහුණු වැඩමුළුවක් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදි පවත්වන ලදී.

මෙම වැඩමුළුවේ පළමු දින (පෙබරවාරි මස 14) ශ්‍රී ලංකා රග්බි සංගමයේ සහ ජාතික රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයින් විසින් යුද්ධ හමුදාවේ නිලධාරි 07 ක් සහ සෙසුනිලයින් 143 කු සඳහා ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන් අතර දෙවන දිනයේ (පෙබරවාරි මස 15) කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ඇතුළුව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ රග්බි ක්‍රිඩාවට ලැදි පාසල් සිසුන් 400 කට වැඩි පිරිසක් සඳහා පුහුණුව ලබාදෙනු ලැබිය. මේ සඳහා පාසල් සිසුන් මහත් උද්යෝගයකින් සහභාගිවුහ. එමෙන්ම මෙම රග්බි ආධුනික පුහුණු වැඩමුළුව සඳහා කිලිනොච්චි ප්‍රදේශයේ රග්බී ක්‍රිඩකයින් සහ රසිකයින් ද එක්ව සිටියහ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ ඉල්ලිමකට සහ ආරාධනාවකට අනුව මෙම වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩා සංවර්ධන කමිටුවේ සභාපති සහ හිටපු යුද්ධ හමුදාධිපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සහභාගි වු අතර මෙම වැඩමුළුව සඳහා අවශ්‍ය ප්‍රවිණ පුහුණුකරුවන්ගේ සහාය ලබාදිමට ද එතුමා කටයුතු කලහ.

මෙවැනි පුහුණු සැසියක් පවත්වාගැනිමට තරම් පහසුකම් නොමැති කිලිනොච්චි වැනි ප්‍රදේශයක පාසල් රග්බී ක්‍රීඩකයින් අතර රග්බී ක්‍රීඩාව ජනප්‍රිය කරලීමේ අරමුණින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමාගේ යෝජනාවකට අනුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය මගින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ප්‍රධාන විධායක නිලධාරි ප්‍රියන්ත ඒකනායක මහතා, ශ්‍රී ලංකා රග්බි සංගමයේ ප්‍රධාන කාර්ය සාධන අධ්‍යක්‍ෂ ඉන්ති මරික්කාර් මහතා, බස්නාහිර පළාත් රග්බි සංගමයේ සභාපති සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.එච්. මාර්සෝ මහතා, නවසීලන්ත ක්‍රිඩක සහ ජාතික පුහුණුකරු පීටර් වුඩ් මහතා (Mr Peter Wood), ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරින්, දිස්ත්‍රික් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්‍ෂකවරුන් සහ පාසල් ක්‍රීඩා උපදේශකයින් පුහුණු සැසි සඳහා සිය දායකත්වය දක්වන ලදි. කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරු භවතුන් සහ දෙමාපියන් ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Mysneakers | Sneakers