14th February 2018 17:59:35 Hours
බදාදා (14) දින දහවල් කාලයේදි කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩාවැටුණු අතර ගොඩනැගිල්ල කඩාවැටිමෙන් තුවාල ලැබුවන් හා සුන්බුන් තුල සිරවී ඇති අයවළුන් සොයාගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ අධික්ෂණයෙන් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනංක භඨ පිරිස් යොදවන ලදී.
අදාළ සිදුවීම සැලවූ වහාම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ හට අවශ්‍ය මෙහෙයුම් කටයුතු සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසත් උපදෙස් ලබා දෙන ලදී.
මෙම සිදුවීම සැබැඳිව යුද්ධ හමුදාව විසින් මේ වනවිට අවශ්‍ය සියළු පියවරයන් ගෙන ඇත.
affiliate link trace | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite