Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th February 2018 20:04:59 Hours

52 වන සේනාංක භට පිරිස් විසින් යාපනය රෝහලේ රෝගීන්ට ලේ පරිත්‍යාග කරයි

70 වන නිදහස් දිනයට සමඟාමීව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ භට පිරිස් විසින් යාපනය ශීක්ෂණ රෝහලේහෙි ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සෙනසුරාදා (03) දින පවත්වනු ලැබීය. 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි ගේ අදහසකට අනුව,

52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි ගේ අදහසකට අනුව, එම සේනාංක මුලස්ථානයේ පැවැති ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනේ දී නිලධාරින් 03 ක් සහ සෙසුනිලයින් 95 ක් ලේ පරිත්‍යාග කළහ.

ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා යාපනය ශීක්ෂණ රෝහලේහි වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 08 දෙනෙකු ද එක්ව සිටියහ. යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි ගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

Sneakers Store | Nike Off-White