25th December 2017 11:55:52 Hours
අනවිලවුදන්කුලම් සිවිල් වැසියන් සහ යුද්ධ හමුදා ක්රිකට් ක්රීඩකයින් අතර සුහදත්වය වර්ධනය කිරිමේ අරමුණින් 65 වන සේනාංකය විසින් සෙනසුරාදා (16) දින අනවිලවුදන්කුලම් මහජන ක්රීඩාංගණයේ දී ක්රිකට් තරඟයක් පවත්වන ලදි.
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන ගේ මඟපෙන්වීම යටතේ මෙම තරඟය සංවිධානය කරනු ලැබීය.
ක්රීඩා සංගම් තරඟ වැදුණු මෙම ක්රිකට් ක්රීඩා තරඟාවලියේ අවසන් තරඟය, 65 වන සේනාංකය යටතේ ස්ථාපිත 20 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු ක්රිකට් කණ්ඩායම සහ ‘Fine Tamil’ ක්රීඩා සමාජය අතර පැවැත්වුණි.
මෙම මිත්රත්ව ක්රිකට් තරඟයේ ජයග්රහණය 20 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු ක්රිකට් කණ්ඩායම වෙත හිමි වූ අතර, ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන විසින් ජයග්රහකයින් වෙත කුසලාන පිරිනමනු ලැබීය.
jordan Sneakers | Sneakers