17th December 2017 15:17:58 Hours
රට වෙනුවෙන් දිවි පිදූ, යුද්ධයෙන් තුවාල ලබා රණක්ෂිතයට පත්වූ සහ දැනට සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයන්ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වෙතින් 2017 දෙසැම්බර් මස 11 - 13 යන දිනයන්හි අනුරාධපුර පූජා නගරයේ සහ මන්නාරම අවට දැකුම්කළු ප්‍රදේශයන්හි සංචාරයක් සංවිධානය කරන ලදි.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරාගේ සංකල්පයක් මත මෙම වන්දනා සංචාරය සංවිධානය කර තිබේ.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නිරත සෙසුනිළයින් නියෝජනය කරමින් තෝරාගත් පවුල් 28 ක් සහ සිවිල් කාර්යය මණ්ඩලය නියෝජනය කරමින් පවුල් 7 ක් අනුරාධපුර පූජනීය නගරය හා මන්නාරම බලා සංවිධානය කල මෙම තෙදින සංචාරයට සහභාගී විය.
මෙම තෙදින සංචාරයට සහභාගීවූවන් වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වෙතින් සපයන ලදි.
මියගිය රණවිරුවන්ගේ පවුල් සහ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය අතර සුහදතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සුභසාධන වන්දනා සංචාරය සංවිධානය කර තිබුණි.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක්ද මෙම වැඩසටහන සංවිධානය කිරීම සඳහා දායක විය.
latest Nike release | Sneakers