Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2017 21:47:49 Hours

23 වන සේනාංකයේ භට පිරිස් ‘අාත්මාරක්ෂක’ සටන් පුහුණුවේ සාමාර්ථය ලබයි.

1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ප්‍රවීණතාවය සහ වෘත්තීමයභාවය, ආත්මාරක්ෂක සටන් පුහුණු පාඨමාලාවක් හරහා සාර්ථකව හමුදා සාමාජිකයින්ට ලබාදීමේ අරමුණින් ආරම්භ කරන ලද ප්‍රායෝගික ආත්මාරක්ෂක සටන් පාඨමාලාවන්හි පාඨමාලා අංක 03 පසුගියදා සාර්ථකව නිමාවට පත්වූ අතර, එහිදී නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සමාජිකයින් 57 දෙනෙකු ආත්මාරක්ෂක සටන් හි සාමාර්ථය ලැබූහ.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ මූලිකත්වයෙන් මෙම ආත්මාරක්ෂක සටන් පුහුණු පාඨමාලා අංක 03 සැලසුම් කරන ලද අතර, එහිදී ආත්මාරක්ෂක සටන් පුහුණුව ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි අවස්ථාවන් පිළිබඳව අවධානය යොමුකරමින් ආත්මාරක්ෂක සටන් කලා ශිල්ප පුහුණුවක් ලෙස මෙම පාඨමාලාව සංවිධානය කර තිබුණි.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති සඳුදා (04) දින පැවති මෙම ආත්මාරක්ෂක සටන් පුහුණු පාඨමාලා අංක 03 සාර්ථකව හැදැරූ යුද්ධ හමුදා සාමාජිකයින්ට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූහ.

22, 23 සහ 24 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති, නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Buy Sneakers | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ