Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th November 2017 16:42:19 Hours

641 බලසේනාවේ භට පිරිස් විසින් වැව් බැම්ම පිළිසකර කරයි

ඔඩ්ඩුසුඩාන් වාරිමාර්ග ඉංජිනේරුවරයා සහ ගොවිජන සේවා මධ්‍යස්ථානය මන්නකණ්ඩාල්, ඔඩ්ඩුසුඩාන් විසින් මන්නකණ්ඩාල් වැව් බැම්මට සිදුවී ඇති හානිය පිළිබඳ කරන ලද දැනුම්දිමකට සහ ඉල්ලීමකට අනුව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 බලසේනාවේ භට පිරිස් විසින් මුලතිව්, ඔඩ්ඩුසුඩාන් හි පිහිටි මන්නකණ්ඩාල් වැවේ වැව් බැම්ම වැලි කොට්ට යොදා පිළිසකර කිරිම සඳහා පුර්ණ සහයෝගය අඟහරුවාදා (7) දින ලබා දෙන ලදි.

641 වන බලසේනාව යටතේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබළුන් 20 කු හා ඔඩ්ඩුසුඩාන් හි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සමාජිකයින්ගේ සම්බන්ධිකරණයෙන් වැලි කොට්ට 200 කට වැඩි ප්‍රමාණයක් යොදාගෙන හානි වු වැව් බැම්ම පිළිසකර කල අතර මෙමගින් ප්‍රදේශයේ ජිවිත හා දේපල වලට සිදුවිමට ගිය ආපදා තත්වයක් වළකාගැනිමට සමත් විය.

Buy Sneakers | Nike SB