Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2017 08:04:24 Hours

‘සහසක් නිමැවුම් - 2017‘ ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනයේ දී සහ රුහුණු විශ්ව විද්‍යාලයේ ප්‍රදර්ශනයේ දී යුද්ධ හමුදා නව නිපයුම්කරුවන් සම්මාන ලබයි

ලෝක නව නිපයුම්කරුවන්ගේ දිනයට සමගාමීව ජාතික නව නිපයුම්කරුවන් වෙනුවෙන් මෑතකදි පවත්වන ලද ‘සහසක් නමැවුම් - 2017’ ජාතික තරඟාවලියේ සහ මහා ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව නිපැයුම්කරුවන් 08 දෙනෙකු බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක දී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් සහ මුදල ත්‍යාග ද හිමි කරගන්නා ලදී.

මීට අමතරව, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම යුද්ධ හමුදාවේ විවිධ පළාත් ආරක්ෂක සේනා මුලස්ථානයන්හි රාජකාරි නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් විසින් නිපදවන ලද සුවිශේෂි භාණ්ඩ 259 පිළිබඳව ද ඇගයුමට ලක්කර තිබේ. ඔවුන් අතරින් 26 දෙනෙකු බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ‘සහසක් නමැවුම් - 2017’ ප්‍රදර්ශනයේදි ඔවුන්ගේ නව නිර්මාණ ඉදිරිපත් කිරීමට තෝරාගෙන තිබුණි.

9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ බළලත් නිලධාරි II පි.ඩි.ආර්.එන්. නලින් කුමාර සහ 9 වන ඉංජිනේරු බලකායේ ඉංජිනේරු සෙබල ජි.එස්. ශ්‍රී රංග විසින් නිපදවන ලද ආප්ප නිෂ්පාදන ඒකකය, මිනුම් උපකරණය සහ ශක්ති පරිවර්තනය වෙනුවෙන් රන් පදක්කම් හිමිකරගනිමින් රුපියල් ලක්ෂයබැගින්මුදල් ත්‍යාගයහිමි කරගන්නා ලදී.

23 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ මේජර් ඩබ්ලිව්.ඒ.එස්. ප්‍රසාද් සහ 6 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කපිතන් ටි.එච්.ජේ.සි. සෝමතිලක විසින් නිපදවන ලද ස්වයංක්‍රිය ආරක්ෂක උපකරණය සහ සුළගින් ක්‍රියාත්මක වන වතුර පොම්පය වෙනුවෙන් රිදී පදක්කම් හිමිකරගනිමින් රුපියල් 50,000/= මුදල් ත්‍යාගයක් ද ලැබීය.

පර්යේෂණ හා විශ්ලේෂණ අංශයේ කපිතන් ඩි.එම්.පි.එම්. දිසානායක, සංවර්ධන අංශයේ 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ලාන්ස් කෝප්‍රල් බි.ජි.යු. බංඩාර, 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ජි.සි. නිශාන්ති විසින් පිළිවලට රුපියල් 30,000/= බැගින් හිමි කරගනිමින් ලෝකඩ පදක්කමකට ද හිමිකම් ලැබීය. මෝටර් සයිකලයක් කඩිනමින් ගැලවිම, පතුරෝම් ගබඩා කිරිමේ මල්ල, පරිසර හිතකාමි භාණ්ඩ නිශ්පාදන ඒකකයක් වෙනුවෙන් මෙම මුල්‍ය ත්‍යාග ලැබුණි.

මේ අතර, ශී ලංකා යුද්ධ හමුදාව විසින් සොයාගත් නව නිපයුම් 5 ක් රුහුණු නව නිපයුම් සහ විශීෂ්ඨතා ප්‍රදර්ශනය 2017 දී විවෘත තරඟ අංශයන්ගෙන් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන දිනාගන්නා ලදී.

එ අනුව, 26 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් එස්. හේරත් පළමු ස්ථානය, පර්යේෂණ විශ්ලේෂණය, යෝජනා සහ සංවර්ධන අංශයේ කපිතන් ඩි.එම්.පි.එම්. දිසානායක දෙවන ස්ථානය, 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්. රාජකරුණා තෙවන ස්ථානය, 23 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මේජර් ප්‍රසාද් තෙවන ස්ථානය සහ 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කෝප්‍රල් එස්. විජේසිංහ තුන්වන ස්ථානය වශයෙන් රුහුණු නවෝත්පාදන ප්‍රදර්ශනයේ දී මුදල් ත්‍යාග හිමි කරගත්හ.

jordan release date | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5