Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2017 22:30:30 Hours

‘මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසය සඳහා සහභාගි වු ශ්‍රී ලංකා භට පිරිස් වෙත දීපවාලි ආරාධනා

ඉන්දියාවේ දැන් පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ ක්‍රියාන්විත යුධ අභ්‍යාසයේ නිරතවී සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස දීපවාලි දින ( ඔක්තෝබර් 10) සැමරුම් උත්සවයක් සඳහා සහභාගි විය.

එහිදි, සාමාන්‍ය වැසියන් සහ පුහුණු අභ්‍යාස පාඨමාලා සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් වෙත රස කැවිලි සහ සාම්ප්‍රදායික ආහාර වලින් සංග්‍රහ කරන ලදී.

රයිෆල් මැෂින් තුවක්කු පුහුණු අභ්‍යාස වෙඩිතැබීම් වලින් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් පූනේහි අවුන්ද් යුද්ධ හමුදා ජනපදය තුල කිලෝමීටර 10 ක දුර දිවිමේ පුහුණුවක ද බ්‍රහස්පතින්දා (19) දින නිරතවිය.

latest jordans | Nike News