Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2017 22:25:36 Hours

වැලිකන්දේ පාසලක් වෙත සිංහ සමාජයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් වැලිකන්ද, ලුම්බිණි ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් වෙත පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමේ උත්සවයක් සංවිධානය කරනු ලැබීය.

දකුණු තලන්ගම 306 සී 1 සිංහ සමාජය විසින් රුපියල් 30,000.00 ක වටිනාකමින් යුත් පාසල් පොත්, පුස්තකාල පොත් සහ අනෙකුත් පාසල් උපකරණ තොගයක් වැලිකන්ද ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වල සිසුන් 86 ක් වෙත මෙහිදි පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සිංහ සමාජයේ රොෂාන් ගුණතිලක මහතා සහ මොරින් ගුණතිලක මහත්මිය සහභාගි වු අතර, රේඛා සේනාධීර මහත්මිය ආරාධිතයින් කැටුව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ ලුතිනන් කර්නල් ආර්.ඒ.ටී. රණසිංහ, ලුම්බිණි ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි විය.

Best Sneakers | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival