Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th October 2017 17:24:21 Hours

යුද්ධ හමුදා දිනයට සමගාමිව 24 වන සේනාංකයෙන් වැඩසටහන් මාලාවක්

අම්පාර, මල්වත්ත හි පිහිටි 24 වන සේනාංක භට පිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ මඟපෙන්වීම යටතේ 68 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.

යුද්ධ හමුදා සම්ප්‍රදායානුකුලව සේනාංක මුලස්ථානයේ දී සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදා ගීතය ගායනා කොට රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා අනතුරුව කොස්, අඹ, දිවුල්, දෙහි, අනෝදා, කුඹුක්, නෙල්ලි, තේක්ක, කයා, කොහොඹ ඇතුලු වටිනා පැළ 600 කට වැඩි ප්‍රමාණයක් කඳවුරු පරිශ්‍රයේ රෝපණය කළහ.

සන්ධ්‍යාවරුවේ දී තවත් ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස 24 වන සේනාංකයේ භට පිරිස් අම්පාර 'සරණ' වැඩිහිටි නිවාසය වෙත ගොස් සුද්ධ පවිත්‍ර කිරිම් සිදු කොට කැළි කසල සියල්ල ඉවත් කිරීමේ කටයුතු ද ඉටු කර දෙන ලදි.

පසුව, කඳවුරු පරිශ්‍රයේ පිහිටි බුදු මැඳුර වෙත පැමිණි 24 වන සේනාංක භට පිරිස් බෝධි පූජා පිංකමක් ද පවත්වන ලදි. 24 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුලු සියලු නිලයින් මෙම ප්‍රජා සත්කාරක වැඩකටයුතු සඳහා සහභාගි වූහ.

Running Sneakers | New Releases Nike