Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2017 23:41:28 Hours

රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් යුද්ධ හමුදා දින සැමරේ

යුද්ධ හමුදා 68 වන වර්ෂ පුර්ණය සහ යුද්ධ හමුදා දින (ඔක්තෝබර් මස 10 දින) සංවත්සර වැඩසටහන් මාලාවේ රණවිරුවන් වෙත උපහාර පුද කිරිමේ උත්සවය බත්තරමුල්ල පාර්ලිමේන්තු පිටියේ පිහිටි රණවිරු ස්මාරකය අභියස අඟහරුවාදා (10) දින සන්ධ්‍යාවේ දී පැවැත්විණි.

ඒ අනුව, පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පැවැත්වුණු ප්‍රධාන යුද්ධ හමුදා සංවත්සර පෙලපාලිය සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසිමෙන් අනතුරුව, සන්ධ්‍යාවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස පැවති රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් හට පුෂ්පෝපහාර පිරිනැමීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පිලිගන්නා ලදී.

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට ගෞරව පිණිස ජාතික ගිය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කරමින් උත්සව කටයුතු ආරම්භ කරන ලද අතර, දිවිපිදු රණවිරුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී.

හේවිසී, පුරප්පට්ටු, ගැටබෙර ඇතුළු සම්ප්‍රදායික බෙර යොදා ගනිමින් සිදුකල රණ බෙර හඬ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ නිර්භීතභාවය අධිෂ්ඨාන ශක්තිය මැනවින් නිරූපනය කල අතර, ඉතිහාසයේ පටන් පැවත එන රාජකීය සම්ප්‍රදායන් පිළිබඳ මතකය ද අවධි කරවීය.

ඉන්පසු යුද්ධ හමුදාධිපති,යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදා විධායක ජෙනරාල් රණවිරු ස්මාරකය අභියසට ගමන් කොට පුෂ්පෝපහාර දක්වමින් රට ජාතිය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්හට පුෂ්පෝපහාර පුද කරන ලදී. පැමිණ සිටි සියළු දෙනාටමඑය සංවේදී හැඟිම්බර අවස්ථාවක් විය.

ක්‍රමයෙන් අඳුර වැටිම ආරම්භවීමත් සමඟ හමුදා සම්ප්‍රදායානුකුලව හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන යුද්ධ හමුදා තුර්යවාදක කණ්ඩායම් බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

Nike shoes | adidas Yeezy Boost 350