Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2017 14:32:32 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අභීමානවත් 68 වන සංවත්සරය සමරයි

දේශයේ ආරක්ෂකයා ලෙසින් අද්විතීය ජයග්‍රහණයන් රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අඟහරුවාදා ( ඔක්තෝබර් මස 10 ) දින සිය 68 වන යුද්ධ හමුදා දිනය අභිමානවත්ව සමරනු ලබයි.

වර්ෂ 1949 දී ලංකා යුද්ධ හමුදාව ( Ceylon Army ) නමින් ඇරඹුණු යුද්ධ හමුදාව වර්ෂ 1972 දී ජනරජයක් බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලෙස නම් ලැබ වසර 68 ක කාලසීමාවක් තුල දේශයේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටු කර ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයගරුක භාවයත් වෘත්තීය නිපුණත්වයත් හේතු කොටගෙන හමුදා ඉතිහාසයන්හී විශිෂ්ඨ අසමසම වාර්ථාවන් රැසක් තැබීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට හැකිවී ඇත.

වර්ෂ 2009 දී ලොවම මවිතයට පත් කරමින් දශක තුනක් පුරා ශ්‍රී ලංකාවේ පැවති රුදුරු ත්‍රස්තවාදය මුළුනුපුටා දමා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය ප්‍රෞඩත්වය සහ විශීෂ්ඨත්වය මැනවින් ප්‍රදර්ශනයකරන ලදි. ම්ලේච්ඡ ත්‍රස්තවාදයට එරෙහිව යුද වැදී ජයග්‍රහණය කොට සාමය ස්ථාපිත කිරීම එවකට ලොව විශ්මයට පත්කල සිදුවීමක් විය. ඒ හේතුවෙන්, මෑත කාලයේ ත්‍රස්තවාදය මුළුනුපුටා දැමු එකම රාජ්‍යය ලෙසින් ලෝකයේ අනෙකුත් හමුදාවන්ගේ ගෞරවයටත් ප්‍රශංසාවටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පත් විය.

වර්තමානයේ දී, රෙජිමේන්තු 24 කින් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, විශේෂයෙන්ම යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියළු ප්‍රදේශයන්හි ප්‍රජා සත්කාරක සේවාවන්හි සහ වර්තමාන සංවර්ධන කටයුතු වල නිරතවෙමින් රටේ ඉතාමත් ප්‍රතිඵලදායක ආයතනය ලෙස ගෞරවයට පත්ව ඇත.

බිහිසුණු ත්‍රස්තවාදයට එරෙහිව රටේ අනෙකුත් සන්නද්ධ හමුදාවන් සමඟ එක්ව යුධබිමේ දැක්වු ශුරත්වය සහ විශිෂ්ඨත්වය හේතුවෙන්ශ්‍රී ලංකා යුද්ධ හමුදාව,හමුදා ඉතිහාසයන්හි අනෙකුත් හමුදාවන් සමඟ සැසැදිමේදි අද්වීතිය ස්ථානයක් හිමි කරගෙන තිබේ.

යුද්ධ හමුදා සංවත්සර දිනයටසමගාමීව සඳුදා (10) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පැවැත්වෙන විශේෂ හමුදා සම්මාන ආචාර පෙළපාලියට, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසසහභාගි වී යුද්ධ හමුදා ආචාර පෙළපාලිය පිළිගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විශීෂ්ඨ සංවිධානයක් ලෙසින් ඉතා ප්‍රශංසනීය ලෙස රජයේ සංවර්ධන කාර්යභාරය යථාර්ථයක් බවට පත් කිරීමෙහිලා වර්තමානයේ දී ගෞරවනීය ලෙස උරදෙමින් සිටි.ඒ සඳහා, විවිධ රජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයන්හි ඉල්ලීම මත යුද්ධ හමුදා ඉංජිනේරුවන් නිවාස ගොඩනැගිම, ප්‍රජා සත්කාරක සේවා, ගොඩනැගිලි ඉදිකිරීම් කර්මාන්ත, ජාතික ආපදාවන් සහ අනෙකුත් විවිධ අංශයන්හි සක්‍රීයව දායකත්වය සපයයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික සහ අන්තර් ජාතිකව වැදගත් විශිෂ්ඨ ජයග්‍රහණයන් අත්පත් කරගෙන ඇති අතර, මෑතදී පැවැත් වූ පැරාලිම්පික් ක්‍රීඩා තරඟාවලියේ අත්පත් කරගත් ජයග්‍රණයන් ඒ බැව් මැනවින් පෙන්වා දෙයි. ජාතික මට්ටමේ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩිම පිරිසක් බිහි වී ඇත්තේ ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙනි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබලා දේශයේ ආර්ථික, සමාජිය, සංස්කෘතික වටිනාකම් සුරකින, ජාතින් අතර සංහිදියාව ශක්තිමත් කරමින් දේශයේ සංවර්ධන ක්‍රියාදාමයන්ට උර දෙන වෘත්තිමය නිපුණත්වයෙන්, ශක්තිමත් හා තීර අදීටනින් හෙබී පුද්ගලයකු විය යුතු බවට යුද්ධ හමුදාධිපති තුමන් සිය යුද්ධ හමුදා 68 වන සංවත්සර පණිවිඩයෙන් ප්‍රකාශ කර සිටි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ යුද හමුදා දින පණිවුඩය පහතින් දැක්වේ;

දේශයේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමෙහිලා සුවිශේෂි මෙහෙවරක් ඉටු කරන, ශ්රීක ලංකා යුද්ධ හමුදාවේ විජයග්රාිහී 68 වන සංවත්සරය වෙනුවෙන් මාගේ හෘදයාංගම සුභාශිංසනය මෙසේ එක් කරමි.

ගෙවී ගිය 68 වසරක කාලය පුරාවට, රටට එල්ල වූ විවිධ තර්ජන හා අභියෝගවලදී, මාතෘභුමියේ ස්වෛරීත්වයත්, භෞමික අඛණ්ඩතාව මෙන්ම ජනජිවිතවල සුරක්ෂිතතාව වෙනුවෙනුත් ශ්රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉටු කරනු ලැබු සේවාව අතිමහත්ය. එහිදි ජිවිත පරිත්යාුගයෙන් යුතුව නොපැකිළව ඔවුන් විසින් සිදු කරන ලද පුරෝගාමී මෙහෙවර හේතුවෙන් අද වන විට රට තුළ පවතින තිරසාර සාමය හා සෞභාග්යි උදාකරගැනීමට හැකියාව ලැබී තිබේ. එමෙන්ම, රට තුළ විවිධ අවස්ථාවලදී ඇතිවන හදිසි ආපදා තත්ත්ව සහ ස්වාභාවික ව්යේසනවලදී කඩිනම් සහන සේවා සපයමින් සාමාන්යඋ ජන ජිවිත යථා තත්ත්වයට ගෙන ඒම උදෙසාද ශ්රීට ලංකා යුද්ධ හමුදාව විසින් දක්වන්නා වු අප්ර මාණ කැපවීම මා මෙහිදි ප්රාථමයෙන්ම සිහිපත් කරමි.

එවන් වු මහඟු කාර්යභාරයක් ඉටුකිරීම උදෙසා ජිවිත කැප කොට, රණක්ෂිතයට පත්වෙමින්, තම ශ්රුමය හා කාලය කැප කොට දේශය වෙනුවෙන් සිය යුතුකම් සෘජුවම ඉටුකළ, ශ්රීි ලංකා යුද්ධ හමුදාවේ සියලුම රණවිරුවන් වෙත මාගේ ගෞරව ප්රෙණාමය පුද කරමි. එමෙන්ම, අභිමානවත් යුද්ධ හමුදා ඉතිහාසය පුරාවට එහි අභිවෘද්ධිය උදෙසා දිවිහිමියෙන් කටයුතු කළ, සියලුම යුද්ධ හමුදාපතිවරුන් හා සියලුම නිලධාරීන් මෙන්ම, සෙසුනිලයින්ද, සිවිල් සේවක කාර්යමණ්ඩල සාමාජිකයින් හා ඔවුන් සියලුදෙනාගේම පවුල්වල සාමාජිකයින් ද මේ අවස්ථාවේදී ඉතාමත් කෘතඥතා පුර්වකව සිහිපත් කිරීමට කැමැත්තෙමි.

එසේම, ශ්රීත ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි ගමන්මග සඳහා දූරදර්ශී නායකත්වය සපයන සහ ඒ සඳහා මඟපෙන්වන ශ්රීර ලංකා ප්ර ජාතාන්ත්රි ක සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු මෛත්රී පාල සිරිසේන උතුමාණන් මෙන්ම, ආරක්ෂක රාජ්යස අමාත්යන ගරු රුවන් විජයවර්ධන මැතිඳුන් සහ ආරක්ෂක ලේකම් කපිල වෛද්යාරත්න මැතිඳුන්වද, 68 වන යුද්ධ හමුදා දිනය සමරන මෙම සුවිශේෂි මොහොතේ දී ගෞරව බහුමානයෙන් යුතුව සිහිපත් කරමි.

අද වන විට සාමකාමී පසුබිමක් තුළ, සහෝදරත්වයෙන් යුතුව ජිවත්වන ශ්රීම ලාංකේය පුරවැසියන්ගේ අපේක්ෂාවන් පිටුපස, නිබඳ ශක්තිය බවට පත්වීමේ වගකීම ශ්රීො ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වශයෙන් අප වෙත පැවරී තිබේ. එබැවින් මව්බිමේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමේ මුලික කාර්යභාරයට අමතරව, කාලීනව අප වෙත පැවරෙන සියලුම කාර්යයන් නොපිරිහෙලා ඉටු කරමින්, ජනජිවිත සුරක්ෂිත කොට, අප දිනාගත් නිදහසේ සදාතනික වටිනාකම මතු පරපුර උදෙසාද රැගෙන යෑමේ ප්රතමුඛ වගකීම, එළඹෙන ඉදිරි කාල පරිච්ඡේදය තුළදී ද වඩ වඩාත් සාර්ථකව අප විසින් ඉටු කළ යුතුව ඇත.

එම වගකීම් සම්භාරය ඉටුකිරීමේදි යුද්ධ හමුදාවේ ප්රසතිරූපයට කිසිදු ආකාරයක හානියක් නොවන අයුරින් උසස් මට්ටමේ විනයක් පවත්වාගෙන යමින්, කාර්යක්ෂමව හා ආදර්ශමත්ව, එකාවන්ව එක් අරමුණක් උදෙසා කටයුතු කිරීම ඉතා වැදගත්වේ.

එමෙන්ම, රටෙහි ජාතික සංවර්ධන ක්රිකයාවලිය වෙත තරවදුරටත් සෘජු දායකත්වය ලබාදෙමින්, රටේ ආර්ථික, සමාජියීය හා සංස්කෘතිකමය වටිනාකම් සුරක්ෂිත කොට ජාතින් අතර සංහිඳියාව වර්ධනය කිරීම උදෙසාද ඇප කැප වී කටයුතු කිරීමට අප අදිටන් කරගත යුතුය. විශේෂයෙන්ම, අවංකභාවයෙන් හා කැපවීමෙන් යුතුව ඉදිරියටත් තම රාජකාරියේ නිරතවීම තුළින්, ශ්රීා ලංකා යුද්ධ හමුදාව කෙරෙහි දේශ දේශාන්තර ජන හදවත් තුළ පවතින කීර්තිනාමය තවදුරටත් සුරක්ෂිත කරගත හැකිවන අතර, ඒ සඳහා ඔබ සැමගේ අඛණ්ඩ සක්රීතය දායකත්වය මා නිරතුරු අපේක්ෂා කරමි.

එසේම, ක්රි යාන්විතයේ දී ජිවිත පරිත්යා‍ග කළ සහ රණක්ෂිතයට පත්වු සියලුම රණවිරිවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මූලික කොට ගෙන සමස්ත යුද්ධ හමුදාවේම දැනට පවතින සුභසාධන කටයුතු තවදුරටත් දියුණු කළ යුතු බවත්, මේ වනවිට ඔබ සැම භුක්තිවිඳිමින් සිටින සියලු සුභසාධන ව්යායපෘති මෙන්ම නව ව්යාමපෘතිද වඩ වඩාත් සාර්ථකව හා ගුණාත්මකව ඔබ වෙත සමීප කළ යුතු බවත් මා දැඩිව විශ්වාස කරමි. එතුළින් සියලු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මානසික තත්ත්වය ඉතාමත් උසස් මට්ටමක පවත්වාගෙන යාමට හැකි වනු ඇති අතර, වඩාත් සක්රීමය සේවාවක් ලබා ගැනීමටද එය සුවිසල් පිටුවහලක් වනු ඇත.

මාතෘ භුමයේ තිරසාර සාමය වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීම උදෙසා ජිවිත පූජා කළ සියලුම රණවිරුවන්ටත්, සිවිල් සේවක කාර්යමාණ්ඩල සාමාජිකයන්ටත් නිවන් සුව ප්රාුර්ථනා කරන අතර, ඔවුන්ගේ දුවාදරුවන් ඇතුළු ඥාති හිතමිත්රායදින්ට සෞභාග්යා, වාසනාව හා දීර්ඝායුෂ ප්රාරර්ථනා කරමි.

එසේම, ක්රිදයාන්විතයේදී රණක්ෂිතයට පත්ව මේ වන විට ප්රයතිකාර ලබමින් සිටින රණවිරුවන් ප්රාමුඛ සියලුදෙනාටම ඉක්මන් සුව ප්රාීර්ථනා කරන අතර, දැනට සේවයේ නියුතු ශ්රීව ලංකා යුද්ධ හමුදාවේ සියලුම රණවිරුවන්ට හා විවිධ ක්ෂේත්රර තුළින් අනඟි මෙහෙවරක් ඉටු කරන සිවිල් සේවක කාර්යමණ්ඩල සාමාජිකයන්ටත් ඔවුන්ගේ දුවාදරුවන් ඇතුළු ඥාති හිතමිත්රාකදින්ටත් දීර්ඝායුෂ, සාමය, සෞභාග්ය හා සතුට නොඅඩුව ලැබේවායි පතමි.

හැට අට වසරක විජයග්රාසහී උරුමයකට හිමිකම් කියන, ශ්රී ලංකා යුද්ධ හමුදාවේ ජිව ගුණය ඉදිරියටත් පවත්වාගෙන යාම අප සියලුදෙනා සතුව පවතින පොදු වගකීමක් බැව්, යළි යළිත් අවධාරණය කරන අතර, ඒ සඳහා අවැසි සියලු ශක්තිය සහ ධෛර්යය නිරතුරුවම ඔබ සැම වෙත ලැබේවායි අවසාන වශයෙන් ප්රාසර්ථනා කරමි.

ඔබ සැමට විජයග්රාාහී අනාගතයක් වේවා !

Nike air jordan Sneakers | Nike News