Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th September 2017 09:37:34 Hours

‘දියකාවා යුද අභ්‍යාසය VIII - 2017’ සහතිකපත් ප්‍රදානෝත්සවයත් සමගින් නිමාවට

‘දියකාවා ක්‍ෂේත්‍ර යුද අභ්‍යාසය VIII - 2017’ සඳහා සහභාගීවූවන් සහ නිරීක්‍ෂකයන්ගේ සහභාගීත්වයෙන් පැවති කෙටි සාකච්ඡාවත් සමගින් පුරා සති 3 ක් පැවැත්වුණු ක්‍ෂේත්‍ර යුද මෙහෙයුම් අභ්‍යාසය, සහතික ප්‍රදානෝත්සවයක්ද සමගින් සමාප්තියට පත්වූහ.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහ ක්‍ෂේත්‍ර යුද අභ්‍යාස අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ පැවැත්වුණ සමාප්ති උත්සවයේදී යුද අභ්‍යාසයට සහභාගීවූවන් වෙත ඇගයීම් සහතිකපත් පිරිනමනු ලැබූ අතර, ඉන් අනතුරුව විසිරයන ඔවුන් එකිනෙකාට සුභපැතුම් එක්කරනු දක්නට ලැබිණි.

8 වන වරටත් සැප්තැම්බර් මස 3 වන දින ආරම්භ කරනු ලැබූ ‘දියකාවා බහුජාතික ක්‍ෂේත්‍ර යුද අභ්‍යාසය VIII - 2017’ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර, මෙවර ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා භටපිරිස් සහ ලෝකයේ විවිධ රටවල් 13 ක නියෝජිතයින් 69කගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූහ.

යුද්ධ හමුදා භටපිරිස් 2108 ක්, නාවික හමුදා භටපිරිස් 370 ක්, ගුවන් හමුදා භටපිරිස් 197 ක් සහ විදේශීය භටපිරිස් 69 ක් මෙවර යුද අභ්‍යාසයට සහභාගී විය.

Nike footwear | Mens Flynit Trainers