Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd September 2017 18:39:43 Hours

‘දියකාවා ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය’ අවසන් අදියරට ලඟාවේ

යුද්ධ හමුදාවේ පුරෝගාමිත්වයෙන් සංවිධානය කරන ලද ‘දියකාවා ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය VIII - 2017’ හී වඩාත් විශ්මිත සහ කුතුහලය දනවන අංගයක් සිකුරාදා (22) දින පෙරවරුවේ දී ත්‍රිකුණාමලය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවැත් වුණු අතර, එහිදි ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ ක්‍රියාන්විත යුධ අභ්‍යාස මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ සහ යුද්ධ, ගුවන් සහ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්, ක්ෂේත්‍ර යුධ අභ්‍යාසයේ අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් සමඟ මෙම ‘ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය VIII - 2017’ හී අවසන් ක්‍රියාන්විත අභ්‍යාසය නරඹන ලදී.

latest jordans | New Releases Nike