Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th August 2017 21:17:40 Hours

කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2017 සැසිවාර

'ප්‍රචන්ඩ අන්තවාදය පිටුදැකීම:ගෝලීය ප්‍රවණතා' යන මැයෙන් ‍අගෝස්තු මස 28 - 29 දෙදින තුල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වෙන කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයට විදේශීය හමුදා සහ සිවිල් විද්වතුන් 91 කට වැඩි පිරිසක් දායක වේ.

විදේශිය විද්වතුන් 15 ක් සහ දේශීය විද්වතුන් 12 ක් සම්මන්ත්‍රණය ඇමතීමට නියමිත අතර, 800 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ පැමිණිමත් සමග සම්මන්ත්‍රණය නිල වශයෙන් ආරම්භ විය.

ඉන්දියාව කේන්ද්‍ර කොටගත් විවිධ රටවල ආරක්ෂක දුත නිලධාරින් 22 ක් ද කොළඹ රාජකාරින් හි නියුතු ආරක්ෂක දුත නිලධාරින් 10 ක් ද ලෝකයේ විවිධ රටවල විදේශිය හමුදා නියෝජිතයින් 45 ක් ද රාජ්‍යයන් 35 ක් නියෝජනය කරමින් මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගිවේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ අද්මිරාල් (විශ්‍රාමික) විලියම් ජේ. ෆැලෝන් විසින් සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශණය පවත්වනු ලැබේ. 1980 දශකයේ අගභාගයේ දී ශ්‍රී ලංකාවේ ඉන්දිය සාම සාධක හමුදා අණදෙන නිලධාරි වශයෙන් ද කටයුතු කල ඉන්දීය හමුදාවේ ප්‍රකට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ජෙනරල් (විශ්‍රාමික) අශෝක් මේතා විශේෂ ආරාධිත අමුත්තකු වශයෙන් සම්මන්ත්‍රණයට සහභාගිවේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරම්භ කරන ලද ‘කොළඹ ආරක්ෂක සමුළුව’ ගෝලීය හා කලාපීය ආරක්ෂික ගැටළු පිළිබඳව දෙස් විදෙස් විද්වතුන් මඩුල්ලකගේ සහභාගිත්වයෙන් මෙම වසරේදිත් පවත්වනු ලබයි. වසර කිහිපයකට පෙර දරුණුම ත්‍රස්තවාදි සංවිධානයක් පරාජයට පත් කිරිමේ ක්‍රියාවලියෙන් පසු කලාපයට බලපෑ ආරක්ෂක ගැටළු පිළිබඳ සාකච්ඡා කිරිමේ ක්‍රමවත් කතිකාවතක අඩුව පිරවීමට මෙම සැසිය 2010 වසරේ සිට පවත්වනු ලැබීය.

බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී 7 වන වරටත් අගෝස්තු මස 28 සහ 29 දිනයන්හිදි විදේශිය විද්වතුන් 15 ක හා දේශීය විද්වතුන් 15 ක ගේ දේශනයන් ද සමගින් විදේශිය හා දේශිය විෂ්ලේශකයින්, උපදේශකයින් හා ආරක්ෂක ක්ෂේත්‍ර විෂයයන්හි ප්‍රවීණයන් ඇතුළු 800 ක පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර සම්මන්ත්‍රණය පැවැත්වෙනු ඇත.

මෙවර දෙදින සම්මන්ත්‍රණය සැසිවාර නවයක් ඔස්සේ 'ප්‍රචන්ඩ අන්තවාදය පිටුදැකීම :ගෝලීය ප්‍රවණතා' යන තේමාව යටතේ කථීකාවට බදුන් වනු ඇත. රාජ්‍ය පාලනය සහ රාජ්‍ය ආරක්ෂාවට තර්ජන එල්ල කෙරෙමින් අනපේක්ෂිතව සහ අන්තර් සම්බන්ධතාවයන් සහිතව සිග්‍රයෙන් පැතිර යන අන්තවාදී ප්‍රචන්ඩත්වය හමුවේ ලෝකයේ නන් දෙස ඇතිවි ඇති නුතන ආරක්ෂක ගැටළු පිළිබද කතිකාවත් සම්මන්ත්‍රණයේ ප්‍රධාන සහ උප මාතෘකා ඔස්සේ සාකච්ඡාවට සහ සම්මන්ත්‍රණයට බඳුන්වනු ඇත.

ආරක්ෂක සමුළුවේ සැසිවාරයේ දී ‘ප්‍රචණ්ඩ අන්තවාදය, ප්‍රචණ්ඩ අන්තවාදය පිටුදැකීම, ප්‍රචණ්ඩ අන්තවාදය පිටුදැකීමෙහිලා සන්නද්ධ හමුදාවන්හි කාර්යභාර්ය, ප්‍රචණ්ඩ අන්තවාදය පිටුදැකීමෙහි යාන්ත්‍රණ,’ යන තේමාවන් යටතේ සම්මන්ත්‍රණ අධියරයන් ද ජාතික දැක්ම - නැගෙනහිර සහ බටහිර ආසියා‍වේ තර්ජන හා ගැටළු, කලාපීය සංවිධානයන්හි කාර්ය භාර්ය, ගෝලීය රාජ්‍ය සංකල්පයේ බලපෑම්, නෛතික බලපෑම්, සයිබර් අවකාශයෙන් ඇතිවන තර්ජන, හමුදා - මහජන සම්බන්ධතාවය සහ සන්නද්ධ සේවාවන්ට පැවරෙන විශේෂ රාජකාරින්, අභ්‍යන්තර උපක්‍රම, අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට මහජන සහයෝගය, දෘඪ ශක්තින් හා මෘදු රාජ්‍යයන් අතර සම්බන්ධතා, ගෝලීය රාජ්‍ය පාලනයේ දී යුද්ධ හමුදා වගකීම්, අන්තවාදී ප්‍රජණ්ඩත්වය පිටුදැකීමට මහජන බළගැන්වීම් සහ අන්තවාදී ප්‍රජණ්ඩත්වය පිටුදැකීමට සිව්වන පරම්පරාවේ යුධෝපක්‍රම යන තේමාවන් යටතේ ද සමුළු සැසිවාර පැවැත්වෙනු ඇත.

දේශපාලන, සාමාජීය සහ ආගමික සංදර්භයන් හි මුලධර්මවාදි අන්තවාදයේ අනිටු ප්‍රතිඵලයක් ලෙස පැන නැගි ඇති බහුවිධ ආරක්ෂක ගැටළු පිළිබදව පෘථුල අවබෝධයක් අත්පත් කරගැනිමේ අභිලාශයෙන් යුද හමුදාව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කොට ඇත. ලෝකයේ නන් දෙස ආරක්ෂක පාර්ශවකරුවන් සමග මෙවන් වු සාකච්ඡා සම්මන්ත්‍රණයන් තුලින් අන්තවාදි ප්‍රචන්ඩත්වය පිටුදැකිම පිණිස සාමුහික සහ වගකීම් සහිත මාවතක් සෙවිම අද දවසේ අවශ්‍යතාවයයි.

ගෝලීය ආරක්ෂාවට ඇති තර්ජන පිළිබඳව පුළුල් කතිකාවතක් ඇරඹූමට ගෝලීය සහ කලාපිය රාජ්‍යවල විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් මෙවරත් ආරක්ෂක සමුළුව තුළින් අවධානයට යොමු කෙරේ. වත්මන් ලෝකයේ අන්තවාදය තුලින් මතුවන ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා භාවිතා කළ හැකි සාමුහික යාන්ත්‍රණයක් හා ජාතින් අතර ඇතිවන අරගලවලට මූලිකවන හේතු පිළිබඳව ද විද්වත් අදහස් හුවමාරුවක් ද ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2017’ තුළින් සිදුවන අතර ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ උපක්‍රම, විවිධ මතවාදයන් සැළකිල්ලට ගැනීම, විද්වත්, තාක්ෂණික සහ අත්දැකීම් අනුසාරයෙන් වඩාත් ප්‍රායෝගික ප්‍රතිපත්ති තීරණ ගැනීම පිළිබඳව සම්මන්ත්‍රණය අවසාන දින සාකච්ඡාවට බඳුන්වනු ඇත.

ලොව පුරා සිටින විද්වතුන් රැසක් එකට මුණගැසෙන මෙම සමුළුවේ සියලු කටයුතු යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩලවලද සහයෝගය ඇතිව හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සෘජු අධික්ෂණය යටතේ මෙසේ නන් දෙස විද්වතුන් පොදු අභිලාෂයක් වෙනුවෙන් හමුවේ.

තවද, ජාතික ආරක්ෂාව යන විෂයෙහි ප්‍රවීණ, කලාපයේ සහ ලෝකයේ කිර්තීමත් විදෙස් විද්වතුන් කිහිපදෙනෙකු ද ගෝලීය සහ කලාපීය ගමන්මග පිළිබඳව මෙම සමුළුවේ දී ඇමතීමට නියමිතය.

අද ලෝකයේ ආරක්ෂාවට පවතින තර්ජන විශ්ලේෂණය කරමින් ‘ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීම : ගෝලීය ප්‍රවණතා’ යන මාතෘකාව තෝරාගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා දින දර්ෂකයේ ප්‍රමුඛ ස්ථානයක් ලබාදෙමින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම විද්වත් සමුළුව මඟින් මෙරට සහ අනෙකුත් රටවල් අතර පෘථූල විද්වත් ගෝලීය සහසම්බන්ධතාවයක් ඇතිවනු බව නොඅනුමානය.

මෙම සමුළුවට මහාකොමසාරිස්වරුන්, දේශීය හා විදේශීය දේශපාලඥයින්, ආරක්ෂක උපදේශකයින් සහ තවත් දෙස් විදෙස් විද්වතුන් රැසකට ආරාධනාකොට ඇත.

url clone | Sneaker & Lifestyle News