Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd August 2017 15:04:57 Hours

කොළඹ දී පැවැත්වෙන සාම සාධක මෙහෙයුම් සමුළුවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහාය

‘Challenges of Developing a Robust Peacekeeping Mindset’ යන තේමාව යටතේ තෙදිනක් පූරා පැවැත්වෙන 9 වන ආසියා ශාන්තිකර සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන සේනාවිධායක සමුළුව (APPTCCC) සහ ආසියා ශාන්තිකර සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ (AAPTC) වාර්ෂික මහා සභා රැස්වීම අඟහරුවාදා (1) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ආරම්භ වූ අතර, මෙම සමුළුව සඳහා 40 දෙනෙකුට අධික විදෙස් නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.

යුද්ධ හමුදාධිපතිතුමා සහ අනෙකුත් සම්භාවනීය ආරාධිත අමුත්තන් විසින් සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්විමෙන් අනතුරුව සැසිය ආරම්භ වූ අතර, පිළිගැනීමේ කතාවෙන් පසු ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ආරම්භක දේශනය පවත්වනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමා, සැසිය අමතමින් ප්‍රකාශකර සිටියේ ‘Challenges of Developing a Robust Peacekeeping Mindset’ යන තේමාව යටතේ ‘මෙම ආසියා ශාන්තිකර සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථාන වැඩසටහන දැනුම පිළිබඳ උනන්දුවක් දක්වන කලාපිය සහ ගෝලීය මෙන්ම දේශීය විද්වතුන් මුණගස්වන තොතැන්නක් බවයි. එමෙන්ම 2017 වසරේ මෙම වැඩමුළුව සඳහා සහභාගිවන්නන් ඔවුන්ගේ සෘජු දායකත්වය දක්වමින් මේ පිළිබඳව ගැඹුරෙන් අධ්‍යනය කරනු ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කර සිටින ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 2004 වර්ෂයේ සිට සාම සාධක භට පිරිස් පුහුණුව සඳහා එක් වී ඇති අතර, මේ වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය මඟින් සාමසාධක භටයින් 28,998 දෙනෙකු පුහුණු කර ඇත. එමෙන්ම, ඉන් 19,395 දෙනෙකු සාමසාධක රාජකාරි සඳහා යොදවා ඇත. මේ අවස්ථාව වන විට එක්සත් ජාතීන්ගේ මාලි හි ඒකාබද්ධ ස්ථාවරකරණ මෙහෙවර (UNISMA) සඳහා එක් සංයුක්ත ඉංජිනේරු බලඝණයක් සහ සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමක් යොදවා ඇත. මෙම ක්‍රියාකාරී සැලැස්ම මගින් පුහුණුවීම් තුළින් ශක්තිමත් සාම සාධකයින් ගොඩනැඟීම සඳහා නිශ්චිත අදහසක් ඉදිරිපත් කරන බව ද යුද්ධ හමුදාධිපතිතුමා තවදුරටත් පැවසීය.

එමෙන්ම, ශක්තිමත් සාම සාධකය නව සංකල්පයක් නොවන නමුත් සමහර මෙහෙයුම්වලදී එනම් සියෙරා ලියොන්, කෝංගෝ දේශය, හයිටි සහ ලෙබනන් හි දී එය අර්ධ වශයෙන් ක්‍රියාත්මක වී ඇත. 2008 වසරේ සිට එහි සංකල්පීයකරණයන්හි වර්ධනයන් සමගම ඒ සඳහා නව අවධානයක් යොමු වී ඇත. එමෙන්ම, “හැකියාවන් පදනම් කර ගත් හමුදාවක සොල්දාදුවෙකු හට ඇති හොඳම සුබසාධනය පුහුණුව බව මාගේ විශ්වාසයයි. ඒ අනුව ඉදිරියේ දී එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දැනුමින් හා මනා පුහුණුවකින් හේබි නිලධාරීන් සහ සෙසු නිලයින් බිහිකිරීමේ අරමුණින් යුතුව සාමසාධක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයක් ස්ථාපනය කිරීමට යුද්ධ හමුදාව තුල අවශ්‍ය පියවරගෙන ඇති බවද මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමා ප්‍රකාශ කර සිටියහ.

මෙම වසරේදි ‘Challenges of Developing a Robust Peacekeeping Mindset’ යන තේමාව යටතේ ආසියා ශාන්තිකර සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන සේනාවිධායක සමුළුවේ (APPTCCC) පළමු දින වැඩසටහන සඳහා ‘වැඩමුළුවේ අරමුණු සහ න්‍යාය පත්‍ර’, ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ ඉදිරිපත් කිරීම්’, ‘පුහුණු කටයුතු පිළිබඳව සාරංශ’, ‘පුහුණු උපදේශක ප්‍රමිතින්’ සහ ‘සාම සාධක මෙහෙයුම් පද්ධති සඳහා සහයෝගිතාවය’ යන කරුණු ඇතුලත්ව ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ (IPSOTSL) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලීමකට අනුව මෙම සමුළුව සඳහා ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, බුරුමය, කාම්බෝජය , චිනය, ෆිජි දේශය, ඉන්දියාව, ඉන්දුනිසියාව, ජපානය, මලයාසියාව, මොංගෝලියාව, නේපාලය, පිලිපිනය, කොරියානු ජනරජය, තායිලන්තය, වියට්නාමය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවල්වල නියෝජිතයින් 40 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

ගෝලීය සාම මෙහෙයුම් මූලාරම්භය (GPOI), බංගලාදේශ සාම සහයෝගිතා පුහුණු ආයතනය (BIPSOT), ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය (IPSOTSL), එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව (UNDPKO), OMA, ALCOPAZ, APSTA, EAPTC යන ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් පළමු දින සමුළුව සඳහා සිය දායකත්වය ලබාදෙනු ලැබීය.

අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න, පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ජී.වී. රවිප්‍රිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ (IPSOTSL) සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රසාද් පතිරත්න සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

affiliate link trace | Nike