Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th July 2017 19:02:19 Hours

මුලතිව් ප්‍රදේශයේ ඉඩම් අක්කර 189 ක් සිවිල් වැසියන් වෙත

මුලතිව් දිස්ත්‍රික්කයේ මහජනතාව, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ ඉල්ලීමට සුභවාදි ප්‍රතිචාරයක් ලෙස මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් තවත් අක්කර 189 ක් නිදහස් කිරීම බදාදා (19) දින සිදු කරනු ලැබීය.

මෙම වැඩසටහන යටතේ තම ළගම ඥාතීන් සමඟ ජීවත් වූ පවුල් සඳහා තම මුල් ගම්බිම් වන කෙප්පපිලව් වෙත ආපසු යාමට අවස්ථාව උදා වනු ඇත.

එමෙන්ම, මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් භාවිතා කළ කෙප්පපිලව් සිවිල් වැසියන්ට අයත් ඉඩම් අක්කර 243 ක් 2017 ජනවාරි මස 25 දින එම අවතැන් වූ ජනතාව වෙනුවෙන් නිදහස් කරනු ලැබීය.

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික විසින් කෙප්පාපිලව් හි දි අද (19) උදෑසන ඉඩම් අක්කර 189 ක් මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් වෙත නිල වශයෙන් භාරදෙන ලද අතර, මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කේතිස්වරන් මහත්මිය ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන නැවත පදිංචිකිරීම සහ හින්දු ආගමික කටයුතු ගරු අමාත්‍ය ඩි.එම් ස්වාමිනාදන් මැතිතුමා ද ‍මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Nike shoes | FASHION NEWS