Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2017 10:00:55 Hours

සංඥා බලකායේ නව කර්නල් සේනාවිධායක රාජකාරි භාරගනි

ශ්‍රී ලංකා සංඥා බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහ සඳුදා (17) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්යාලයේ දී රාජකාරි භාරගන්නා ලදි.

රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණි නව කර්නල් සේනාවිධායක පිළිගැනීම ශ්‍රී ලංකා සංඥා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පි.ඒ.ජේ.පීරිස් විසින් සිදු කළ අතර, භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය. අනතුරුව නව කර්නල් සේනාවිධායක සංඥා බලකා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්විම ද සිදු කළහ.

තවද නව කර්නල් සේනාවිධායක වෙත සම්මාන පෙළපාලියක් පිරිනැමු අතර, එහි අණදෙන්නා ලෙස 5 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් බි.ඩි. ප්‍රනාන්දු කටයුතු කරන ලදි. අනතුරුව, මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහ සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා පිරිත් සජ්ජායනා මධ්‍යයේ නිල ලේඛණවලට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාරගත් අතර, භට පිරිස් ඇමතීම, සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගිවීම සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවිම ද මෙහි දි සිදු කරනු ලැබීය.

buy footwear | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos