Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd April 2017 17:13:55 Hours

ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය අවසන් අදියරට එළඹෙයි

මාලි දේශයේ මිනුස්මා හි එක්සත් ජාතින්ගේ සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් රාජකාරීන් සඳහා යෙදවිමට යොජිත භට පිරිස් සඳහා පැවති කේෂ්ත්‍ර පුහුණු අභ්‍යාසය දින 9 ක කාලයක් තුළ කිලෝමිටර් 1000 ක් පමණ දුර ගෙවා හම්බන්තොට සුරියවැව ප්‍රදේශයට ළඟා වූ අතර, ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය පසුකථනයකින් අනතුරුව බදාදා (05) දින බුත්තල දී අවසන්වීමට නියමිතය.

මෙම කේෂත්‍ර පුහුණු අභ්‍යාසය මාර්තු මස 21 දින කන්කසන්තුරයේ දී නිල වශයෙන් ආරම්භ වු අතර එහි පෙර සුදානම් කටයුතු නිමවිමෙන් පසු අභ්‍යාසය මාර්තු මස 27 දින ආරම්භ විය.

පාබල භට පිරිස්, සන්නහා සන්නද්ධ භට පිරිස්, යාන්ත්‍රික පාබල භට පිරිස් සහ අනෙකුත් පාලන කණ්ඩායම් සහිත මෙම සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම අද (03) දින සන්ධ්‍යාවේ සුරියවැව වෙත ළඟා විය.

මෙම කේෂත්‍ර පුහුණු අභ්‍යාසය 2017 අප්‍රේල් මස 05 වන දින පසුකථනයකින් අනතුරුව බුත්තල දී අවසන්විමට නියමිතය.

මෙහිදි අභ්‍යාස සැලැස්මට අනුව නිර්මාණය කරන ලද විවිධ යුද අභ්‍යාස සහ පුහුණුවිම් සිදු කරමින් මෙම සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම කන්කසන්තුරේ සිට දකුණු ප්‍රදේශය දක්වා ගමන් කිරීමේ දී නාවල්අඩි, වෙඩිතලතිව්, ඔයාමඩු, මින්නේරිය, පුත්තලම, මාදුරුඔය, බුත්තල යන ප්‍රදේශයන් පසුකරන ලදී.

මෙම පුහුණු අභ්‍යාසය මඟින් සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම හට යුද හා සැපයුම්, අණදීම සහ නායකත්වය, හදිසි සැලසුම්, සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් හි වගකීම්, හදිසි අවස්ථාවක දි තීරණ ගැනීම්, සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් සරඹ යෙදවිම්, විරෝධතා පාලනය, බෝම්බ නිශ්ක්‍රිය කිරීම, පාලන හා භට කාර්ය සම්පාදන, සන්නිවේදනය සහ අනෙකුත් තාක්ෂණය පවත්වා ගැනීම යන විෂයන් යටතේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් ක්‍රියාපටිපාටියට අදාල විශේෂ පුහුණුවක් මෙන්ම මාලි දේශයේ සංග්‍රාමික ප්‍රවාහන රාජකාරීන් සඳහා ආවේනික භට කාර්ය හා සැලසුම් ක්‍රියාවලිය පිළිබඳව ද පුහුණු කරන ලදි.

affiliate link trace | Nike News