24th February 2017 12:56:53 Hours
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සඳහා තවත් පුහුණු දින වැඩසටහනක් බදාදා (22) දින පවත්වන ලදි.
එහිදි ලුතිතන් කේ.එම්.ටි.කේ. ගුණරත්න, ලුතිතන් ඩබ්.ඒ.ඩි.එස්. අබේරත්න සහ දෙවන ලුතිතන් ඒ.එස්.එම් අබේසේකර විසින් ‘Tamil Diaspora and Its Implication on National Security of Sri Lanka’ යන මාතෘකාව යටතේ දේශනයක් ද, සැරයන් එස්.එම්.ඩබ්.යු.කේ. සමරකොන් විසින් ‘වෙඩි ද්‍රව්‍ය හඳුන්වාදීම’ පිළිබඳ දේශනයක් ද සිදු කළහ.
නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.
Best Authentic Sneakers | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp