Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th February 2017 11:30:14 Hours

භට පිරිස් වෙතින් කිලිනොච්චි ආබාධිත පුද්ගලයින් වෙත කෘතිම අත් පා බෙදාදෙයි

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් කුන්ඩසාලේ ආබාධිත මධ්‍යස්ථානයේ සහාය ඇතිව ආබාධිත පුද්ගලයින් වෙත කෘතිම අත් පා බෙදාදීමේ වැඩසටහනක් අඟහරුවාදා (07) දින කිලිනොච්චි සහයෝගීතා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

මෙහිදි ආබාධිත සිවිල් වැසියන් 30 දෙනෙකු වෙත රුපියල් මිලියන 1.6 ක වටිනාකමකින් යුත් කෘතිම අත් පා තොගයක් ප්‍රදානය කරන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ තවත් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ග්‍රාම සේවා නිලධාරින් හා සිවිල් ආයතන සමඟ සමිප සම්බන්ධතාවයෙන් යුතුව ක්‍රියාත්මක කරන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ මුලිකත්වයෙන් සිදු කළ මෙම ව්‍යාපෘතිය සඳහා කුන්ඩසාලේ ආබාධිත මධ්‍යස්ථානයේ වෛද්‍ය එස්.එස් අත්තනායක ඇතුලු කාර්ය මණ්ඩලය විසින් අනුග්‍රහය දක්වන ලදි.

තවද, 2016 සැප්තැම්බර් මස 13 දින ද මෙවැනිම වැඩසටහනක් කිලිනොච්චියේ දී පැවැත් වූ අතර, එහිදි අඩුආදායම්ලාභී පවුල්වල ආබාධිත පුද්ගලයන් සඳහා කෘතිම අත් පා බෙදාදෙන ලදි.

571 බලසේනාව සහ 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සමඟ එක්ව 57 වන සේනාංකය විසින් මෙම වැඩසටහන සංවිධානය කළහ.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන, 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අතුල ගලගමගේ, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජගත් රත්නායක, කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජේයරාසා මහතා, 571 සහ 573 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සිවිල් වැසියන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Authentic Nike Sneakers | AIR MAX PLUS