Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th April 2024 20:08:51 Hours

551 පාබල බලසේනාවේ භටපිරිස් කිලිනොච්චිය නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක

55 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 551 පාබල බලසේනාවේ භටපිරිස්, කිලිනොච්චිය පොලිස් ස්ථානය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ සිවිල් සංවිධාන සමඟ එක්ව කිලිනොච්චිය නගර මධ්‍යයේ ඒකාබද්ධ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ අනුව, 551 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ඒ - 9 මාර්ගය සහ කිලිනොච්චිය නාගරික ප්‍රදේශයේ ප්‍රධාන පොදු ස්ථානවල පිරිසිදුකම වැඩිදියුණු කරමින් එම ප්‍රදේශයේ වැසියන් වෙනුවෙන් පිරිසිදු පරිසරයක් ස්ථාපිත කරනු ලැබීය.

551 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන පිළිබඳව ප්‍රදේශවාසීන් සිය කෘතඥතාවය පුදකළහ.