Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th April 2024 19:58:36 Hours

ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ පුහුණුවීම්වල නිරතව සිටි මාලදිවයින් භටපිරිස් සිය පුහුණුවීම් සාර්ථකව අවසන් කරයි

දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි මාලදිවයින් භටපිරිස්හී පුහුණු පාඨමාලාවේ සමාප්ති උත්සවය 2024 අප්‍රේල් මස 10 දින පැවැත්විණි.

නිලධාරීන් 03 දෙනෙක් සහ සෙසුනිලයන් 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් මෙම පුහුණු පාඨමාලාව 2024 මාර්තු මස 12 සිට අප්‍රේල් මස 10 දින දක්වා පැවැත්විණි. මෙම පුහුුණු කාලසීමාව තුළ ඔවුන් T 56, G3A3 සහ AIAW අවි පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාගත්හ.

මේ අතර, ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර් (Colonel Hassan Amir) ද 2024 අප්‍රේල් මස 08 දින ඔවුන්ගේ පුහුණුවීම් නිරීක්‍ෂණය කළේය.

සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් විසින් සමාප්ති දේශනය පවත්වන ලදී. එහිදී, ලාන්ස් කෝප්‍රල් මොහොමඩ් නසීම් (Lance Corporal Mohomad Naseem) දක්‍ෂතම වෙඩික්කරු සහ දක්‍ෂතම සෙබලාට හිමි කුසලානයන් දිනාගත් අතර ලිඛිත පරීක්‍ෂණයෙන් ඉහළම ලකුණු ලබාගැනීමට ලාන්ස් කෝප්‍රල් අලි ජිනා (Lance Corporal Ali Gina) සමත්විය.

මෙම සමාප්ති උත්සවයට ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකවරුන් පිරිසක් සහභාගි වූහ.