Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th April 2024 19:52:52 Hours

21 පාබල සේනාංකයේ භටපිරිස් වෙනුවෙන් ‘අභිමානවත් සොල්දාදුවෙක්’ තේමාව ඔස්සේ හරවත් දේශනයක්

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමේ අරමුණින් 2024 අප්‍රේල් මස 26 දින 21 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී මනෝවිද්‍යාත්මක මෙහෙයුම් වැඩමුළුවක් පැවැත්වීය.

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම සහ ජනමාධ්‍ය සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණය මත මෙම වැඩමුළුව පැවැත්විණි.

මෙම වැඩමුළුව සඳහා 21 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 17 දෙනෙකු සහ සෙසුනිලයන් 180 දෙනෙකු සහභාගී වූහ. රණවිරුවා සඟරාවේ ප්‍රධාන කර්තෘ ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ. සුජිත් චාමින්ද විසින් මෙම වැඩමුළුවේදී හමුදා සාහිත්‍ය පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයන් සතු තීක්‍ෂණ බුද්ධිය ප්‍රබෝධමත් කළ අතර මේජර් එම්.එච්.එම්.එස්. බණ්ඩාර විසින් ‘අභිමානවත් සොල්දාදුවෙකු’ වීමේ වැදගත්කම පිළිබඳ දේශනයක් සිදුකළේය.