Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th April 2024 19:47:57 Hours

මානුෂීය මෙහෙයුමෙන් දිවිපිදූ සෙබළියකගේ මවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් රුධිර සීනි මට්ටම නිරීක්‍ෂණය කිරීමේ උපකරණ පරිත්‍යාගයක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් (සම්බන්ධීකරණ) බ්‍රිගේඩියර් එන්. මහවිතාන කේඑස්පී ගේ අධීක්‍ෂණය මත 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ දිවංගත කෝප්‍රල් ඊ.එන්. සිල්වා ගේ රෝගී මවට ඇතුල්කෝට්ටේ පිහිටි සිය නිවසේදී රුධිර සීනි මට්ටම නිරීක්‍ෂණය කිරීමේ උපකරණයක් අද (අප්‍රේල් මස 30) දින පරිත්‍යාග කරනු ලැබීය.

1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් ඊ.එන්. සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට අනුයුක්තව සේවයේ නිරතව සිටියදී වර්ෂ 1997 ජනවාරි මස 02 දින තිරුනල්වේලි ප්‍රදේශයේදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව නිර්භීතව සිය ජීවිතය පූජා කළාය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාණ්ඩලික නිලධාරී I (පාලන) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ ප්‍රතිලාභී පවුලේ සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ.