Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th April 2024 19:55:13 Hours

‘මිසයිල අවි පාඨමාලා අංක - 56’ පාඨමාලාව සාර්ථකව අවසන්

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවති ‘මිසයිල අවි පාඨමාලා අංක - 56’ හි සමාප්ති උත්සවය 2024 අප්‍රේල් මස 25 දින සාර්ථකව පැවැත්විණි.

‘මිසයිල අවි පාඨමාලා අංක - 56’ පාඨමාලාව 2024 මාර්තු මස 18 සිට අප්‍රේල් මස 24 දින දක්වා කාලය තුළ නිලධාරීන් 08 දෙනෙකු සහ සෙසුනිලයන් 33 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගි වූ අතර එතුමන් විසින් සමාප්ති දේශනය පවත්වන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතන් එම්.බී.එල්. පතිරගේ පාඨමාලාවේ ප්‍රථම ස්ථානය දිනාගත් අතර කපිතන් ජී.එච්.ඒ.කේ. හේවගේ දෙවන ස්ථානයත්, කපිතන් එන්.ඒ.ඒ.පී.ටී. චන්ද්‍රසේන තෙවැනි ස්ථානයත් දිනාගත්හ.

මෙම සමාප්ති උත්සවය සඳහා පාබල පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.