Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th April 2024 20:10:14 Hours

10 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් පාසල් ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කරයි

10 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් තංගල්ල බාලිකා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කර 2024 අප්‍රේල් මස 10 දින එම ගොඩනැගිල්ල නිල වශයෙන් පාසල් බලධාරීන් වෙත භාරදෙනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත 10 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් තංගල්ල බාලිකා විද්‍යාලයේ පිහිටි මෙම පැරණි ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය. ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂතුමන්ගේ අධීක්‍ෂණය මත 2023 සැප්තැම්බර් මස 14 දින ආරම්භ කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය 2024 අප්‍රේල් මස 10 දින සාර්ථකව අවසන් කරනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයන්, තංගල්ල බාලිකා විද්‍යාලයේ විදුහල්පති, ගුරු භවතුන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.