Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th April 2024 20:18:27 Hours

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නවතමයෙන් ඉදිකරනු ලැබූ බහුකාර්ය පහසුකම් සංකීර්ණය විවෘත කරයි

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නවතමයෙන් ඉදිකරනු ලැබූ බහුකාර්ය පහසුකම් සංකීර්ණය අප්‍රේල් මස 27 දින විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් පී.එස්.ආර්. පෙරේරා සහභාගී විය.

මෙම බහුකාර්ය පහසුකම් සංකීර්ණය තුළ ආපන ශාලාවක්, කරණවෑමිහලක් සහ මැහුම්හලක් ඇතුළත් වේ. උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.