Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th April 2024 11:33:39 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර රාජකාරි අරඹයි

නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ලෙස මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී අප්‍රේල් මස 25 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර හිදී හමුදා සම්ප්‍රදායානූලව ධූරයේ රාජකාරි භාරගත්තේය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිශ්‍රය වෙත සපැමිණි නව ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී එම මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

අනතුරුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් සරඹ භූමියේදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

අනතුරුව එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරමින් මූලස්ථාන කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටීයේය.