25th April 2024 17:43:49 Hours
64 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 642 පාබල බලසේනාව විසින් සංවිධානය කළ ‘64 පාබල සේනාංක අභියෝගතා කුසලාන අන්තර් සමාජ වොලිබෝල් තරඟාවලිය - 2024’ ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණි.
ක්‍රීඩා සමාජ හතක සහභාගීත්වයෙන් මාර්තු මස 23 සහ 24 දෙදින තුළ තරඟාවලියේ මූලික වටයේ තරඟයන් පැවති අතර, අප්‍රේල් මස 22 දින ‘මිනෝලි’ ක්‍රීඩා සමාජය සහ ‘භාරතී’ ක්‍රීඩා සමාජය අතර පැවැති අවසන් මහා තරඟයේදී ‘භාරතී’ ක්‍රීඩා සමාජයට ජයග්‍රහණය හිමිවිය.
මෙම තරඟාවලිය නැරඹීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.