Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd April 2024 12:30:15 Hours

සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සාම්ප්‍රදායික තේ මේසයක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී 2024 අප්‍රේල් මස 16 දින සම්ප්‍රදායික තේ මේසයක් පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.

අලුත් අවුරුදු සැමරුමේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීය. ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සියලු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත අලුත් අවුරුදු සුභපැතුම් එක්කළේය. මීට සමගාමීව, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් 36 දෙනෙකු වෙත ත්‍යාග පාර්සල් බෙදාදෙනු ලැබීය.

මෙම තේ මේසය සාම්ප්‍රදායික රසකැවිලි වර්ග සහ කිරිබත් වලින් සමන්විත විය. තේ මේසය අතරතුරදී, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර භටපිරිස් සමඟ සුහඳ අදහස් හුවමාරුවක ද නිරතවිය. මෙම අවස්ථාවට නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් ද සහභාගී වූහ.