Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2024 20:02:46 Hours

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මුෂ්ඨි ප්‍රහාරක තරඟාවලිය පනාගොඩ දී අවසන් විය

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මුෂ්ඨි ප්‍රහාරක තරඟාවලිය කණ්ඩායම් 19 ක් සහ රෙජිමේන්තු 17 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 113 දෙනෙකු සහභාගීත්වයෙන් 2024 අප්‍රේල් මස 07 දින සිට 2024 අප්‍රේල් මස 10 දක්වා පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත් වීය.

මෙම තරඟාවලිය ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ යුධ හමුදා මුෂ්ඨි ප්‍රහාරක කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ මගපෙන්වීම යටතේ යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාරක කමිටුව විසින් සංවිධානය කරන ලදී.

පිරිමි අංශයේ තරඟ අතුරින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය රන් පදක්කම් 03ක් රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනාගනිමින් ශූරතාව දිනාගත් අතර, ගජබා රෙජිමේන්තුව රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 01ක් සහ ලෝකඩ පදක්කම් 05ක් දිනාගනිමින් අනුශූරතාවයද, විජයබාහු පාබල රෙජිමේන්තුව රන් පදක්කම් 02ක්, රිදී 03ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගනිමින් තෙවැනි ස්ථානය හිමිකර ගත්හ.

කාන්තා අංශයේ තරඟ අතුරින් ශ්‍රී ලංකා යුද හමුදා සේවා බළකාය රන් පදක්කම් 05ක් දිනාගනමින් ශූරතාව දිනාගත් අතර ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා කණ්ඩායම රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 02ක් සමඟින් අනුශූරතාව හිමිකර ගත්හ.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකා බලකාධිපති මේජර් ජෙනරල් ඒ.කේ රාජපක්‍ෂ ආර්එස්පී සහභාගි වූ අතර, තරඟාවලිය නැරඹීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් විශාල පිරිසක් පැමිණ සිටියහ.