Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2024 18:36:10 Hours

56 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපතිතුමන්ගේ නව නිල නිවස්නය විවෘත කෙරේ

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ සහ ආරක්‍ෂක සේවා ඉංජිනේරු කාර්යාලයේ භටපිරිස් විසින් එම සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපතිතුමන්ගේ නව නිල නිවස්නය ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිමකරනු ලැබීය.

එම නිල නිවස්නය විවෘත කිරීමේ උත්සවය 2024 අප්‍රේල් මස 08 දින පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.