Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2024 15:01:34 Hours

1 බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් ‘Stamina Spartans’ තරඟයක් පැවැත්වෙයි

1 බලකා මූලස්ථානයේදී 2024 අප්‍රේල් මස 06 දින ‘Stamina Spartans’ නමින් පැවති තරඟය සාර්ථකව අවසන් කෙරිණි. 53 සහ 58 පාබල සේනාංකයන් යටතේ සේවයේ නියුතු භටපිරිස්හි ශාරීරික යෝග්‍යතාවය, දරාගැනීම, ආත්ම විශ්වාසය සහ කණ්ඩායම් හැඟීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම තරඟය පැවැත්විණි.

මෙම තරඟය සඳහා කණ්ඩායම් 16 ක් සහභාගි වී ඔවුන්ගේ කඩිසර බව සහ ශාරීරික යෝග්‍යතාවය මැනවින් ප්‍රදර්ශනය කරන ලදී. සුවිශේෂී දක්‍ෂතාවයන් සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් විදහා දක්වමින් තරඟයේ ශූරතාවය දිනාගැනීමට 5 විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සමත්වූහ. එමෙන්ම, ප්‍රථම අනුශූරතාවය 19 ශ්‍රී ලංකා පාබල හමුදාවටත්, දෙවන අනුශූරතාවය 9 ගැමුණු හේවා බලකා කණ්ඩායමටත් හිමිවූහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.